අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මිල අඩු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කරන්න” - සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 21, 2016
     ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා සිය ධුරයෙහි වැඩබාර ගැනීමේ උත්සවය   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ ජාතික ඖෂධ නියාමන අධිකාරි සභාපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , 2015 වසරේත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා පත් කළා. මට විශාල බාධක තිබුනා. එවකට සිටි පිරිස මෙම පත් කිරීමට විරෝධය පළ කලා. මෙය මැතිවරණ කාලයක්. මම දේශපාලන තීන්දුවක් පවා නොගෙන තිබු පරිසරයක ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවූවා. ඒ 2015 ජුලි 02 වනිදා.” 
     
    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිට වුයේ සාධාරණ මිලකට ඖෂධ ලබාදීමටයි. අහිංසක ජනතාව ඖෂධ ප‍්‍රතිපත්තියක් ගැන දන්නේ නැහැ. වීජ ගණිතයෙන් ගණන් හදලා බැහැ. සාමාන්‍ය ජනතාව දන්නේ අංක ගණිතයයි. එම නිසා අපි අංක ගණිතයෙන් ගණන් හැදිය යුතුයි. වාණිජ මණ්ඩලය සමග සාකච්ජා කරලා  85% කට මිල අඩු කිරීමට තීරණය කළා. නමුත් අද වනතුරු ඖෂධ මිල සුත‍්‍රය හදලා දුන්නේ නැහැ. 
     
    පසුගිය කාලයේ ඖෂධ  40% කින් ඉහළ ගියා. මට අවශ්‍ය ඖෂධ මිල අඩු කිරීමටයි. එය අදත් කරන්න බැරි වුනා. ඖෂධ මාෆියාව විනාශ කරන්න අවශ්‍ය බව සමහරු ප‍්‍රකාශ කරනවා. දේශන පවත්වා, පෝස්ටර් ගහලා එය විනාශ කරන්න බැහැ. ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි.
     
    ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය කාර්යභාරය අකුරට ඉටු කරන්නේ නැතිනම් සේනක බිබිලේත් ඉදිරියේ දී විවේචනය කරයි. තවද ඖෂධ මිල අඩු කිරීමට, දුෂණ වංචා නැති කිරීමට නොහැකි නම් මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙත් වැඩ කරලා වැඩක් නැහැ. ටෙන්ඩර් වලින් පමණක් බිලියන ගණනක් මම රජයට ඉතිරි කර දී තිබෙනවා. 
     
    මම නව සභාපතිවරයාගෙන් සහ ප‍්‍රධාන විධායක නිලධාරිගෙන් සහ ප‍්‍රධාන විධායක නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මාස 03 ක් තුළ ඖෂධ පිළිබඳව ජනතාවට දැනෙන වැඩපිළිවෙලක් සිදු කරන්න කියලයි. මිල අඩු හොද ඖෂධ ලියාපදිංචි කර ජනතාවට ලබාදෙන්න. රජයට තිබෙන විශාල වියදම අඩු කළ හැකියි.කතා කර කර ඉන්නේ නැතිව රාජකාරී අකුරට සිදු කරන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක සභාව පත් කරන්න.
     
    මෙම ආයතනයේ ගිණුමේ රුපියල් මිලියන 600 ක් තිබෙනවා. ඖෂධෙවිදීන්ගේ හිඟය ඉදිරියේ දී අවසන් කිරිමට හැකි වෙනවා. චීන රජයෙන් ලැබෙන පරීක්ෂණාගාරයෙන් හොද ඖෂධ පිළිබද තීන්දු තීරණ ගන්න පුළුවන්. සිදු කළ හැකි හොද වැඩ මම ඉදිරියටත් කරනවා. හැබැයි ප‍්‍රතිඵල නොලැබීම ගැන දුකක් තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් ඉදිරියේ දී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 75% ක් නිෂ්පාදනය කිරීමට සුදානම්. තවත් ආයෝජකයින් ඉදිරිපත් වෙලා සිටිනවා. අපිව විවේචනය කරන්න පුළුවන්. ඊට පෙර ක‍්‍රීයාත්මකවීම තමයි වැදගත් වන්නේ.” 
     
    මෙහිදී නව සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ද අදහස් පළ කළේය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) කමල් ජයසිංහ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා, එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya