අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම උපකාරක සම්මන්ත්රණ මාලා වැඩසටහන සංවිධානය කරනු ලබයි.
මේ සඳහා පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු සහ පාසල් 13 ක විදුහල්පතිවරුන්ට නිල වශයෙන් සංයුක්ත තැටි බෙදාදීම සිදු කෙරිණි.
සියලුම පළාත් සඳහා මෙම සංයුක්ත තැටි බෙදාහැරීමෙන් පසු ලබන මාසයේ 11 වැනි දා සිට 15 වැනිදා දක්වා මෙම සම්මන්ත්රණ මාලාවන් අදාළ පාසල්වල පැවැත්වීමට නියමිතය.