අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරේ

    ජූනි 20, 2016

    ඉන්දියානු රජයේ අනුග්‍ර‍හයෙන් 9 වන වරටත් සිදු කළ   “මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප‍්‍රදානය” අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  අද (20) අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඉහළ ප‍්‍රවීණතාවය ලැබූ, අ.පො.ස. (උ.පෙළ) ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා මෙම ශිෂ්‍යත්ව ලබාදීම සිදු වේ.

    ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු මෙන්ම  “අවිහිංසාවාදයේ පියා” වශයෙන් සැලකෙන මහත්මා ගාන්ධිතුමා සැමරීම සඳහා මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරනු ලබයි.  

    මෙවර ද අඩු ආදායම්ලාභී අ.පො.ස (සා.පෙළ) විභාගයේ ඉහළ ප‍්‍රවීණතාවය ලැබූ එක් එක් දිස්ති‍්‍රක්කයන්හි සිසුන් 6 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව 150 ක් ප‍්‍රදානය කෙරුණි.

    අ.පො.ස. (උ.පෙළ) පන්ති සඳහා ඉහළ සුදුසුකම් ලැබූවත්, පවතින ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉටු කර ගැනීමට නොහැකි වන සිසුන්ට ආර්ථික දුෂ්කරතාවන්   මඟහරවා තම දක්ෂතා හා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා මුල්‍ය ආධාර ලබාදීම මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමයේ අරමුණයි.


    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, 2006 වර්ෂයේ සිට ප‍්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම ශිෂ්‍යාධාර ක‍්‍රමය යටතේ ආධාර ලබාගත් සිසුන් 1,200 කට ආසන්න පිරිසෙන් 950 ක් පමණ දැනට පාසල් අධ්‍යාපනය අවසන් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    එම සිසුන් අතරින් 165 ක් වෛද්‍ය අංශයට ද, 74 ක් ඉංජිනේරු අංශයට ද, 10 ක් ගණකාධිකාරි අංශයට සහ කළමනාකරණ අංශයට 22 ක් ලෙස ප‍්‍රධාන වෘත්තිය අංශවලට තේරී පත්වී තිබීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් වයි.කේ. සිංහ මහතා, අධ්‍යාපන ලේකම් ඩබ්.එම්. බන්දුසේන මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya