අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙදින තුළ මදුරු කීටයින් සහිත පරිශ්‍ර 861ක් හඳුනා ගැනේ

    ජූනි 20, 2016

    තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළින් පරිශ්‍ර 23,960 පරීක්ෂාවට ලක් කර, මදුරු කීටයින් සහිත පරිශ්‍ර 861 හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    එහිදී 205කට නඩු පැවැරීම සිදු කළ අතර  1008 කට නොතීසි නිකුත් කර තිබේ.  පරිශ්‍ර 2751 නිවැරදි කර තිබෙන අතර පසුගිය 16 වැනි දා සිට 18 වැනි දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

     

    සෞඛ්‍ය නිලධාරීන් සහ ත්‍රීවිධ හමුදා සාමාජිකයින් මෙන්ම පොලිස් නිලධාරීන් ද මෙම තෙදින මදුරු මර්දන වැඩසටහන තුළ නිවාස හා පරිශ්‍ර පරික්ෂා කිරීමට කටයුතු කර තිබේ.

     


    ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පැවති විශේෂ සාකච්ඡාවදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තිරණය කර තිබේ.

     

    මදුරු කීටයින් බෝවන ස්ථාන විනාශ කිරීමටත් එවැනි ස්ථානවලට නීත්‍යානුකූල පියවර ගැනීමටත් මෙහිදී කටයුතු කළ අතර ඩෙංගු රෝගීන් බහුල වශයෙන් වාර්තා වන කොළඹ, කොළොන්නාව, කඩුවෙල සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සීමාවල දෛනිකව ධූමායන කටයුතු පසුගිය 16 වැනි දින සිට ම සිදු කෙරිනි.

     

    2016 වසරේ මේ වනවිට කෙළඹින් ඩෙංගු රෝගීන් 6009 ක් ද, ගම්පහ 1983 ක් ද, කළුතර 1229 ක් ද, නුවර 952 ක් ද, ගාල්ල 791 ක් ද, යාපනය 1259 ක් ද, රත්නපුර 1057 ක් ද වශයෙන් වාර්තා වී අත.

     

    මහනුවර, ගාල්ල, ගම්පහ, කළුතර, මඩකළපුව, කුරුණෑගල, පුත්තලම, යාපනය, රත්නපුර දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ. 2016 වසරේ රෝගීන් 18,735 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 24 කි. දින දෙකකට වඩා උණ රෝගයෙන් පෙළෙන්නන් විවිධ ඖෂධ වර්ග භාවිතා නොකර පැරසිටමෝල් පමණක් භාවිතා කර ළඟම ඇති රජයේ රෝහලට පැමිණිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව රෝගීන්ගේ පැමිණීමේ ප්‍රමාදයක් ද  දක්නට ලැබෙන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya