ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත දියත් කෙරෙන වස විසෙන් තොර ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියට සමගාමිව පැවති මෙම වැඩසටහනේ දී, වස විස වල බලපෑම හා පාරම්පරික ආහාර වල පෝෂණය හා ඖෂධීය ගුණ පිළිබද ඉතා හරවත් දේශණයක් අධිකරණ වෛද්‍ය කේ.එස් දහනායක මහතා විසින් සිදු කරන ලදී.
මාතර මහ රෝහලේ වෛද්‍ය එම්.පී බටගොඩ මහතා විසින් පාරම්පරික ආහාර හා ක්ෂුද්‍ර ජීවීන් අතර පෝෂණය පිළිබඳ සම්බන්ධතාව පැහැදිලි කරමින් පැමිණ සිටි පිරිස දැනුවත් කළ අතර, ඖෂධීය කැඳ ඇතුලු පාරම්පරික ආහාර වල ඇති රෝග නිවාරණ හැකියාව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ මානව පෝෂණ වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ මහත්මිය විසින් දේශණයක් සිදු කළාය.
පාරම්පරික කෘෂි කර්මාන්තය නැවත ප්‍රචලිත කිරීමත්, එම ආහාර රටාවට හුරු වීමත් තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන තත්ත්වයක් ලගා කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් හෙල සුවයේ දැක්ම පැහැදිලි කරමින් හෙළ සුවය නිර්මාතෘ ප්‍රියන්ති සේනානායක මහත්මිය සිය අදහස් දක්වන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුලු නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
AP/DMU-Kandy