අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලතර ගුවන් මෙහෙයුම් දියුණු කිරීමට අවධානය යොමු වේ

    ජූනි 20, 2016
    පවත්නා ජලාශ උපයෝගී කර ගනිමින් දිය මත හැසිරවිය හැකි (ජලතර) ගුවන් යානා මගින් සිදු කළ හැකි ගුවන් ප්‍රවාහන කටයුතු විධිමත් ලෙස නියාමනය හා දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ති‍බෙන බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී.නිමල්සිරි මහතා පවසයි.
     මෑත කාලයේ සිට අප රට තුල මෙම ජලතර ගුවන් ප්‍රවාහනය (Sea Plane) පිළිබඳ අවධානය යොමු වී ඇත.  ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යය අතින් පොහොසත් රටක් හෙයින් ජලාශ හරහා කරනු ලබන ජලතර ගුවන් ප්‍රවාහන මාධ්‍යය දියුණු කිරීම රටෙහි අභ්‍යන්තර සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනයට රුකුලක් වනු ඇත.  රට අභ්‍යන්තරයේ පිහිටි ගංගා සහ ජලාශ පදනම් කරගෙන මෙම ගුවන් යානා පහසුවෙන් ගොඩ බැස්වීමට හා ගුවන්ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.
     
    සාමාන්‍යයෙන් ජලතර ගුවන් ප්‍රවාහනය පරිසර හිතකාමී ගුවන් ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පිළිගැනේ.  මේ තුලින් පරිසරයට සිදු විය හැකි හානිය ඉතා අවම බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.  2014 වර්ෂයේ නාරා ආයතනය කරන ලද සමීක්ෂණයක් තුලින් මේ බව වඩාත් තහවුරු විය.  සාමාන්‍ය මෝටර් බෝට්ටුවකින් පරිසරයට සිදු වන හානියට වඩා ඉතා අඩු හානියක් ජලතර ගුවන් යානා මෙහෙයුම් තුලින් සිදු වන බව නාරා ආයතනය පෙන්වා දී ඇත.  ඊට ප්‍රධාන හේතු වන්නේ මේ තුලින් ඉන්ධන ජලයට කාන්දු නොවීම සහ යාන්ත්‍රික බෝට්ටුවක මෙන් ජලය තුළ වේගයෙන් කරකැවෙන අවර පෙති සහිත පංකාවක් වෙනුවට ජලතර ගුවන් යානය එහි ඇන්ජිමෙහි ඇති අවර පෙති වාතය තුල භ්‍රමනය වීම තුලින් උපදවාගත් බලය උපයෝගී කර ගනිමින් ජලය මතුපිට ගමන් කිරීමය.
     
    සාමාන්‍යයෙන් ගුවන් තොටුපලක් ඉදි කිරීමට විශාල ආයෝජනයක් අවශ්‍ය වුවද ජලතර ගුවන් යානා ගොඩබැස්වීම සඳහා අවශ්‍ය වන්නේ පවතින ජලාශ මත ඉදි කෙරෙන කුඩා තොටුපලක් (ජැටියක්) පමණි.
     
    එබැවින් ජලතර ගුවන් ප්‍රවාහනය සඳහා ආයෝජකයන් සහ මෙහෙයවන්නන් දිරි ‍ගැන්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියටර ගෙන තිබේ.  ඊට අමතරව, ශ්‍රී ලංකා පරිසර අධිකාරිය ඇතුළු ආයතනවල අවසර ලබා ගැනීමේදී අවශ්‍ය මග පෙන්වීම් ලබා දෙන අතර ගුවන් ආරක්ෂාව හා නිරුපද්‍රතාව රැකෙන පරිදි මැනවින් නියාමනය කිරීමට අපේක්ෂා කෙරේ.
     
    මෙම ප්‍රවාහන මාධ්‍යය භාවිත කරමින් දැනට මෙහෙයුම් සිදු කරන්නේ එක්  පෞද්ගලික ආයතනයක් පමණි.  මේ සඳහා සෙසු අයට ද අවස්ථාව ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇත.  මේ ප්‍රවාහන මාධ්‍යය දියුණු වීම තුළ ලෝකයේ ඕනෑම රටක ජාත්‍යන්තර ගුවන් තොටුපලක සිට රට අභ්‍යන්තරයට පැමිණීමට සංචාරකයන්ට මෙන්ම ආයෝජකයන්ට අවස්ථාව ලැබේ.  මෙය රටේ විදේශ විනිමය වැඩි වීමට ද ආයෝජන ප්‍රවර්ධනයට ද හේතු වේ.  විශේෂයෙන් ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයින්, ආයෝජකයන් මෙන්ම සංචාරකයන් ද ඉතා අඩු කාලයක් තුල සිය ගමනාන්තයට ළගා වීමට දක්වන කැමැත්ත හේතුවෙන් මෙම කර්මාන්තය දියුණු වීම රටේ සංවර්ධනයට සෑහෙන පිටුවහලක් වනු ඇතැයි සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
     
    AP
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya