අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේණිධාරී විදුහල්පති පුරප්පාඩු පියරවීමට පියවර

    ජූනි 18, 2016

    ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් නොමැති පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා නවක ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත්, ඒ සඳහා සියලු ම පළාත් සභා සහ පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවල සහයෝගය ලබාගනිමින් අදාළ කැබිනට් අනුමැතිය ලබාගැනීමට පියවර ගන්නා බවත්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවති විදුහල්පති පත්වීම් ප‍්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා  ඊයේ (17) මේ බව සඳහන් කළ අතර දෙදිනක් තුළ විදුහල්පති පත්වීම් 3853ක ලබාදීම සිදු විය.


    ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි පන්තියට බඳවාගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූ විදුහල්පතිවරුන් ට මෙ පත්වීම් ප්‍ර‍දානය සිදු වූ අතර  සියලු විදුහල්පතිවරුන්ට නිරන්තර සහ අඛණ්ඩ පුහුණු අවස්ථා ලබාදීමට ද පියවර ගන්නා බව අද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.


    කවර දේශපාලන මතවාදයක සිටියත් පාසල් පද්ධතිය නගාසිටුවීම වෙනුවෙන් තම වගකීම් අකුරටම ඉටු කරන ලෙස සියලු විදුහල්පතිවරුන් වෙත අවධාරණය කර සිටි ඇමැතිවරයා ශ‍්‍රී ලංකා ගුරු සේවයේ ඉහල ම ශ්‍රේණියට පැමිණ ඉන් අනතුරුව විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට පත්වීම් ලැබීම නිසා නවක විදුහල්පතිවරුන්ගේ වැටුප් තලයෙහි ඇතිවන්නා වූ වෙනස සම්බන්ධයෙන් ද තමා අවධානය යොමු කළ බවත් පෙන්වා දුන්නේය.

    සම්පත් බෙදීයාම, පත්වීම් ලබාදීම, පුහුණු අවස්ථා ලබාදීම ආදී සියල්ලේ දී සියලු පළාත් සම්බන්ධයෙන් කිසිදු භේදයකින් තොරව කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම කාර්යයන්හි දී උතුරු නැගෙනහිර සහ වතුකරයේ ද්‍රවිඩ පාසල් සම්බන්ධීකරණය කරමින් අදාළ කටයුතු පහසු කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධක‍්‍රිෂ්ණන් මහතාගෙන් ලැබෙන සහයෝගය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන මහතා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya