මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම වසර අවසානයේ GSP+ සහනය ලැබෙයි - අගමැති

    ජූනි 17, 2016

    GSP+ සහනය මෙම වසර අවසන් වන විට ලබා ගැනීමට හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අරලියගහ මන්දිරයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

     

    මේ වන විට  GSP+ ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය ලබා දීමේ කාලය එළැඹ තිබෙන බවත් එය ලබා දීමට පෙර එම කෙටුම්පතට ඇතුළත් විය යුතු කාරණා සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමඟ නිල නොවන සාකච්ඡා සිදු කෙරෙන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

     

    තව සතියකින් දෙකකින් එම කෙටුම්පත සකස් කර අවසන් කරන බවත් ඉන් පසු රසල් නුවර යුරෝපා සංගමයේ වෙළෙඳ කාර්යාලට භාර දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    මත්ස්‍ය තහනම ඉවත් කළා මෙන් මෙම සහන ද ලැබුණු පසු තීරු බදු තවත් අඩු වීම හේතුවෙන් ධීවරයින්ට තවත් සහන ලැබෙන බවත් එසේම ඇගලුම් කර්මාන්තයට, තේ කර්මාන්තයට වාසි රැසක් ලැබීම, නව ව්‍යාපාර ගනනාවකට යුරෝපීය වෙළෙඳපොළ විවෘත වීම, විදේශ ආයෝජිකයන් මෙරටට පැමිණීමට පටන් ගැනීම යනාදී වාසි රැසක් මෙරටට හිමි වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya