අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ,බැද්දගාන තෙත්බ්ම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
තමන් 2008 වසරේ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය සහ සම්පත් පාය අවට ප‍්‍රදේශය හරිත කවයක් ලෙස නම් කිරීමට කටයුතු කළ බවත්
එහි පළමු කොටස ලෙස ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හරිත කවය ලෙස දියුණු කළ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එය අද ඉතාමත් මනරම් වන වියනක් හැටියට අපිට දැකගැනීමට හැකියාව ඇත. අපගේ ඊළඟ ඉලක්කය වූයේ වෝටර්ස් ඒජ් ප‍්‍රදේශයත්,බැද්දගාන ප‍්‍රදේශයත් ඒ හරිත කවයේ කොටස් හැටියට සංවර්ධනය කිරීමට වන අතර ඒ සඳහා වන අවසරය එවකට අග‍්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මැතිතුමා විසින් ලබාදෙන ලදි. මේ ප‍්‍රදේශ හරිත කවයේ කොටසක් හැටියට ගොඩනැගීමට මූලික වැඩ කොටස් ආරම්භ කළද, පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් තමන්ට වෙනත් අමාත්‍යාංශයක් ලබාදීම හේතුවෙන් එම කටයුත්ත නිමා කරන්න හැකියාවක් නොලැබුණු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේ වුවද, මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා සහය දුන් ලෝක බැංකුවටත්, එම ව්‍යාපෘතිය ගෙනගිය නාගරික සංවර්ධන අමාත්‍යාංශයටත්, එහි ව්‍යාපෘති කළමණාකාරවරුන් හා ඒ සඳහා සහය දක්වපු සියළුම දෙනාට තමන්ගේ කෘතවේදීත්වය අමාත්‍යවරයා මෙහිදී පළ කර සිටියේය.
මෙම සංවර්ධන ක‍්‍රියාවලියේ දෙවන පියවරත් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර එමගින් මේ මාවතත් ඉතාමත් සුන්දර මාවතක් බවට පරිවර්තනය වීමට නියමිතයි. කෝට්ටේ දියවන්නාව අවට මේ ප‍්‍රදේශය අපට කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. මීට අවුරුදු 700 කට පමණ පෙර අපගේ රාජධානිය ගොඩනැගුනේ මේ ප‍්‍රදේශය ආශ‍්‍රිතවයි. රජරට රාජධානීන් කඩා වැටුණු පසු නිරිත දිග ප‍්‍රදේශයේ එනම්, මේ කෝට්ටේ ප‍්‍රදේශයේ රාජධානිය ස්ථාපිත විය. ඒ හා සමගම මේ නිරිත දිග ප‍්‍රදේශයේ බුද්ධාගමෙහිත් විශාල පුනර්ජීවනයක් සිදු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන ශිෂ්ටාචාරය රජරටින්, මැදරටින් මේ නිරිත දිග බස්නාහිර ප‍්‍රදේශයට සංකේන්ද්‍රනය වුණි. ඊට පසු පැමිණි බටහිර ආක‍්‍රමණ නිසා මේ ප‍්‍රදේශය විශාල සටන්
මධ්‍යස්ථානයක්ව පැවතුණු අතර එහෙයින් අපේ රාජධානිය සීතාවකට, රයිිගමට ආදී වශයෙන් ගමන් කර අවසාන වශයෙන් විමලධර්මසූරිය රජතුමා විසින් මහනුවර
ස්ථාපිත කරන ලදි.
ඓතිහාසික බලකොටුවක් වූ මේ ප‍්‍රදේශය අපි ඉතාමත්ම නරක ආකාරයට භාවිත කර තිබෙන අතර නරක ආකාරයට ඒක අදටත් පවත්වාගෙන යන බවත් ඒ නිසා අඩු තරමින් ඒ පැරණි බලකොටුවේ කොටස්වත් මුදාගෙන අපේ දරුවන්ට එය නිසි ආකාරයෙන් අනාගතයට සංරක්ෂණය කරදීමට අධිෂ්ඨානයක් ඇතිකරගත යුතු බවද
අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
අවුරුදු 2500 කට ඔබ්බෙන් තිබුණු බොහෝ පුරා වස්තු, බොහෝ එවැනි වාස්තු විද්‍යාත්මක නිර්මාණ අපි ආරක්ෂා කරගෙන තිබේ. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ බොහෝ ස්ථානවල ඒ පැරණි රාජධානි අප විසින් ආරක්ෂා කර තිබේ.
කුරුණෑගල, පඩුවස්නුවර, යාපහුව, අවසාන රාජධානිය වුණු මහනුවරත් අප කිසියම් දුරකට හෝ ආරක්ෂා කර ඇත. ආරක්ෂා නොකළ එකම තැන අපේ මේ කෝට්ටේ ශ‍්‍රී
ජයවර්ධනපුර රාජධානියයි. ඒ ගැන අපි ඉතාම කණගාටු විය යුතුයි. අපට ඒ රාජධානියේ ස්වරූපය සම්පූර්ණයෙන් මතුකර ගැනීමට නොහැකි වුවත්, එය හැකි පමණින් ආරක්ෂා කරගෙන එය සංරක්ෂණය කරන්න ඉදිරි කාලයේ අධිෂ්ඨාන කරගත යුතුයි.
දියවන්නාව, ඒ වගේම මේ ප‍්‍රදේශය පරිසර වශයෙන් ඉතාම සංවේදී ප‍්‍රදේශයක්. විශේෂයෙන්ම කොළඹ නගරය හා අවට ප‍්‍රදේශයේ විශාල කොන්ක‍්‍රීට් ගොඩනැගිලි ප‍්‍රමාණයක් ඉදිවී තිබේ. ඒ නිසා එම කොන්ක‍්‍රීට් ගොඩනැගිලි වලින් නිකුත්වෙන තාපය හා වැඩි වෙන උණුසුම උකහා ගනුයේ වටේ තිබෙන මේ සුන්දර තෙත් බිම් ප‍්‍රදේශ විසිනි. ඒ නිසා ඒ තෙත් බිම් ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීම කිහිප ආකාරයකින් අපට වැදගත් වේ. එකක් අපේ මේ උණුසුම පාලනය කිරීමට. තෙත් බිම් ප‍්‍රදේශ නොවුනා නම් කොළඹ නගරය මීටත් වඩා උණුසුම් ප‍්‍රදේශයක් වීමට ඉඩ තිබුණි. වායු දූෂණය මීට වඩා විශාල ප‍්‍රමාණයකින් වැඩි වීමට ඉඩ තිබුණි. මේ තෙත් බිම් ප‍්‍රදේශය නොවුනානම් මේ ප‍්‍රදේශය ගංවතුර ආදී උවදුරු වලට ලක්වීමට, අති විශාල වශයෙන් අපේ ජෛව විවිධත්වයට හානි වීමට, ජීවීන්ට තමන්ගේ වාසස්ථාන අහිමිවී සදහටම ඔවුන් අපෙන් අතුරුදහන් වීමට ඉඩ තිබුණි. එම නිසා මෙම ජෛව විවිධත්වය රැකගැනීම, ඒ වගේම මේ භූ විවිධත්වය රැුකගැනීම අපේ අනාගත අවශ්‍යතාවයකි.
රටේ අනාගත අවශ්‍යතාවයකි.බස්නාහිර මහ නගර ව්‍යාපෘතිය කිසිසේ්ත්ම ගොඩනැගිලි ඉදිකිරීමට, මහා සංවර්ධනයක් සඳහා කොන්ක‍්‍රීට් වනාන්තරයක් ඇති කිරීමට කටයුතු
කරන දෙයක් නොවන බවත් එය පරිසර හිතකාමීව පරිසරයත් සමඟ ගොඩනගන ක‍්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
පසුගිය දවස්වල ගංවතුර නිසා විශාල ව්‍යසනයක් ඇති වුණි. අපේ රටේ ජල පාලනය පිළිබඳව විමසා බලන විට බස්නාහිර පලාත සුවිශේෂයි. මේ ප‍්‍රදේශය තමයි විශාල
වශයෙන් ජලය රැස්වෙන ප‍්‍රදේශය. ඒ වගේම මෝසම් වැසි දෙකම යම් කිසි ප‍්‍රමාණයකට දකින්න පුළුවන් ප‍්‍රදේශය. බස්නාහිර පළාතෙන් 17 ක් පමණ ගංගා නිම්න
සහ ඇල නිම්න ආශ‍්‍රිතව පවතින තෙත් බිම් ප‍්‍රදේශ. ඒවා සංරක්ෂණය කරගැනීම ඉතා අත්‍යාවශ්‍ය වේ.
අද අපට මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිහිපයක් තිබේ. මේ රටේ මේ ගංවතුර පාලනය කිරීම අපහසු වෙලා තිබෙනුයේ නීතිමය වශයෙන් විවිධ ආයතන ගණනාවක් ඒ සඳහා
මැදිහත්වීම හේතුවෙනි. පසුගියදා අපේ විද්වත් පිරිසක් එක්ක කරපු සාකච්ඡුාවේදීද විශාල ආයතන ප‍්‍රමාණයක් මේ සම්බන්ධයෙන් මැදිහත් වී තිබෙන බව පැහැදිළි වුණි. ඒ නිසා අනාගතයේදී තෙත් බිම් සංරක්ෂණය, ගංවතුර පාලනයට මේ ආයතන සෑම එකකම සම්බන්ධීකරණය හා සහයෝගය, ඒ වගේම ශක්තිමත් එක වැඩපිළිවෙළක
අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. තම අමාත්‍යාංශය මුල් වී ඒ සෙසු සියළු අමාත්‍යාංශ හා ආයතන සමඟ, නගර සභා, ප‍්‍රාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම්වරු සමඟ එකතු වී
ජල කළමණාකරණය, ජල පාලනය සම්බන්ධයෙන් වූ ප‍්‍රධාන සැළසුමක් ඇති කිරීමටත්, ඊළඟ අවුරුදු 03 ඇතුළත කෙළඹ නගරය සහ මේ අවට ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම සඳහා විධිමත් ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
ගංවතුර පාලනය කිරීමේ වගකීමට ජනතාවත් සම්බන්ධ කරගෙන විධිමත්ව පාලනය කිරීමට අපි සියළු කටයුතු සූදානම්කොට තිබේ. එහිදී විශේෂයෙන්ම ඇතැම් ගංවතුර
තත්ත්වයන් අපට පාලනය කළ නොහැක. එය ගෝලීය මට්ටමෙන් ඇතිවෙන දෙයක වන දෙයකි. ප‍්‍රංශයේ සේන් ගඟ උතුරල ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ජර්මනියේ
බැවේරියා ප‍්‍රාන්තයේ ගංවතුර ඇතිවුණි. මෙම රටවල් දියුණු, විධිමත් නාගරික සැළසුමක් සහිත රටවල්. නමුත් ඒ අයටත් ගෝලීය උණුුසුමේ බලපෑමෙන් ගැලවෙන්න බැරිවී තිබේ. ඒ වාගේම කැළණි ගඟේ ජල මට්ටම යම් සීමා මට්ටමකට වඩා ඉහළ ගියවිට එය අපට පාලනය කරන්න බැරි තත්ත්වයට පත්වෙයි. එහෙයින් ඒ
සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය වැඩසටහන් ගණනාවක් දියත් කළ යුතුය. කෝට්ටේ ප‍්‍රදේශයේත්, කොළඹ නගර සභා ප‍්‍රදේශයේත්, කොළොන්නාව ප‍්‍රදේශය ඇතුළු
ප‍්‍රදේශවල ගංවතුර පාලනයට විශාල බාධාවක් වී ඇත්තේ අනවසර ඉදිකිරීම්ය. මෙම තත්ත්වයන් පාලනය සඳහා විධිමත්, ශක්තිමත් වැඩපිළිවෙළක් සකස්කොට බස්නාහිර
පළාත තුළත් රටේ අනෙකුත් ප‍්‍රදේශවලත් එය නාගරික සැළසුමේ කොටසක් බවට පත්කොට ක‍්‍රියාත්මක කිරීමට අපි ඉදිරියේදී ක‍්‍රියාකරන බව අමාත්‍යවරයා සඳහන්
කරයි.
අනාගත නාගරික සැළසුම්කරණයේදී මුළු රටේම ජාතික භෙෘතික සැළැස්ම බිම් මට්ටමටම ගෙන ගොස් ගංවතුර, කැලිකසල, ප‍්‍රවාහන තදබදය කියන මේ වියවුල්
නාගරීකරණයේ ගැටළු තුනට විසඳුම් ලැබෙන ආකාරයට ගම් මට්ටමේ, බිම් මට්ටමේ සිට කිසියම් ආකාරයක විධිමත් වාස්තු විද්‍යාත්මක සැලසුමකට අපේ නගර, අපේ ගම් රැගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.