අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍යවරයාට ආහාර හා කෘෂිකර්මාන්ත ගෝලීය සමුළුවට ආරාධනා

    නොවැම්බර් 16, 2015

    කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ජර්මනියේ තානාපති Dr. Juergen Morhard මහතා අතර විශේෂ හමුවක් පසුගියදා බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.

    ජර්මනියේ බර්ලින් නුවර 8 වන වරටත් පවත්වනු ලබන ආහාර හා කෘෂිකර්මාන්තය සඳහා වු ගෝලීය සමුළුවට සහභාගි වන ලෙස  තානාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත මෙහිදී ඇරයුම් කරන ලදී.

    2009 වසරේ සිට පැවැත්වෙන මෙම සමුළුවට ලෝකයේ සෑම රටකම කෘෂිකර්ම අමාත්‍යවරු සහභාගී වෙති. 2016 ජනවාරි 14-16 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී කෘෂිකර්මාන්තය සහ නාගරීකරණය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ජා කිරීමට නියමිතය.

    නාගරික වාසස්ථාන සඳහා නිවාස, ජලය, බලශක්තිය, අධ්‍යාපනය සෞඛ්‍ය ආදී පහසුකම් සැලසීම , ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. වේගයෙන් ඉහළ යන ජනගහනය සමග ආහාර සුරක්ෂිතතාවය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මෙම ජාත්‍යන්තර සමුළුව අනගි අවස්ථාවක් වනු ඇත. 

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya