අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වෙයි-වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්

    නොවැම්බර් 16, 2015

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වී තිබේ. එය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර අද (16) දින සවස හෝ රාත්‍රී කාලයේ තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙහි බලපෑම හේතුවෙන් අද දිනයේත් දිවයිනෙහි උතුරු කොටසේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්වය අදත් අපේක්ෂා කෙරේ. දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං ඇති වීමේ හැකියාව තවදුරටත් පවතී.

    දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද සිට යම් තාක් දුරකට අඩු වනු ඇතයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත් දිවයිනෙහි උතුරු කොටසේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙක් පළාත් වල විශේෂයෙන් සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100ක පමණ) බලාපොරොත්තු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya