අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලු කල්තබා ගැනීම සඳහා ධීවරයන්ට නව තාක්ෂණයක්

    නොවැම්බර් 02, 2015
     
    මාලු කල්තබා ගැනීම සඳහා ලබන වසරේ නව තාක්ෂණයක් හඳුන්වාදීම සඳහා පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    ධීවරයින් විසින් නෙළා ගන්නා ලද මත්ස්‍ය සම්පත ගොඩබිමට රැගෙන එන විට නෙළා ගන්නා මාලුවලින් 30%ක් පමණ 
    මාලු ලෙස පරිභෝජනයට ගත නොහැකි බව බැවින් මෙම නව තාක්ෂණය හදුන්වා දේ.  
     
    අප රටේ ජාත්‍යන්තර මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු 1,615ක් පමණ තිබෙන අතර, එම බෝට්ටුවලින් නෙළා 
    ගන්නා මත්ස්‍ය සම්පත විදේශීය රටවල බෝට්ටු 150 කින් පමණ සිදුකරගන්නා අතර, අල්ලා ගන්නා මාලු ඒ ආකාරයෙන්ම 
    ගොඩබිමට රැගෙන ඒමටත් හැකියාව තිබෙන්නේ ඔවුන් සතුව ඇති නවීන බෝට්ටු හා නවීන තාක්ෂණය නිසා යැයි 
    අමාත්‍යවරයා පවසයි. 
     
    මත්ස්‍යයන්ට හුරුපුරුදු පරිසරයක් වන මුහුදු ජලයෙන් අයිස් නිපදවා මාළු නරක් නොවී ගොඩබිමට රැගෙන ඒමට හැකි වන 
    තාක්ෂණ ක්‍රමවේදයක් මෙන්ම ගොඩබිමට රැගෙන එන ලද මත්ස්‍යයින් -600 ක් ශීතකළ හැකි ශීතාගාරවල තැබීමෙන් 
    අවුරුදු 2ක් පමණ කල්තබා ගැනීමට හැකියාව ඇති තාක්ෂණයක් විදේශීය රටවල්වල ක්‍රියාත්මක වේ. එම තාක්ෂණය ශ්‍රී 
    ලංකාවටද හඳුන්වා දීමෙන් අනාගතයට විශාල ආයෝජනයක් වන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් 
    කරයි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya