අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර කතරගම දේවාලයට නව බස්නායක නිලමේවරයෙක්

    ඔක්තෝබර් 31, 2015
     
    මහනුවර ශ්‍රි මහ කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා වශයෙන්  ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා අද දින පැවැති  නිලවරණයෙන්  තේරි පත්විය.
    බස්නායක නිලමේ වරයා තෝරාපත් කරගැනීම සදහා පැවති නිලවරණයෙන් ඡන්ද 17ක් ලබාගනි‍මින් ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා ඉදිරි වසර පහ සදහා තේරී පත් වු අතර නිලවරණය සදහා ඉදිරිපත් වු හිටපු බස්නායක නිලමේ කුෂාන් වෑගොඩපොල  මහතා ඡන්ද 13ක්  ලබාගත්තේය.
     
    මෙම නිලවරණයේදි  ඡන්දය ලබාදිම  සදහා ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවල ගිහි භාරකරුවන් ද,  පිටිසර දේවාල බස්නායක නිලමේවරුන්ද , මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් ද ඇතුළු 30 දෙනෙකු ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබුණි.  ඡන්දය ලබාදිමට සුදුසු කම් ලැබු 30 දෙනාම සිය ඡන්දය පාවිච්චි කිරීමද 
    විශේෂත්වයකි.
     
    1931 අංක 19 දරණ බෞද්ධ විහාර හා දේවාලයගම් ආඥා පණතේ 8 වෙනි වගන්ති ප්‍රකාරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතාගේ උපදෙස් පරිදි  මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින්  අද දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  මෙම නිලවරණය  පවත්වන ලදි.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya