අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට ලුණු සහිත ආහාර ලබාදීම අඩු කරන්න-විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

    නොවැම්බර් 01, 2015

    දීර්ග කාලීන ආහාර රටාව ආඝාතය ඇතිවීමට හේතුවක් බව කොළඹ ජාතික රෝහලේ ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

    ආඝාතයේ එක් රෝග ලක්ෂණයක් වන්නේ අංශභාගයයි. ආඝතය පිළිබඳව දැනුවත් වීම අඩුයි.ලබන වසර වනවිට සියයට 50%කට වැඩි ප්‍රමාණයක් දැනුවත් වීම අවශ්‍යයි.

    දීර්ග කාලීන ආහාර රටාව ආඝාතය ඇතිවීමට හේතුවක්. එළවළු පළතුරු වැඩියෙන් ආහාරයට එක් කර ගැනීම ඉතාම වැදගත්.නිවසට ලුණු ගෙනියෑම අඩු කරගන්න.දරුවන්ට ලුණු සහිත ආහාර ලබාදීම අඩු කරන්න.දරුවන්ට වැඩිපුර පළතුරු,කඩල,කවුපි ආහාරයට එක් කිරීම වැදගත්.ව්‍යායාම කිරීම ඉතාම වැදගත්.තමන්ට ගැළපෙන ලෙස ව්‍යායාම ක්‍රමාණුකූලව වෙනස් කළ යුතුයි.

    ශරීරයේ බර අඩු කරගැනීමත් ඉතාම වැදගත්.දුම් බීම හා මත් පැන් පානය නතර කළ යුතුයි.ආඝාතයේ ප්‍රධාන රෝග කාරක වන්නේ, අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් යන රෝගයි.

    කාන්තාවන් ආඝාතයට ලක්වීම ඉහළයි. අධිරුධිර පීඩනය, දියවැඩියාව කාන්තාවන්ට වැඩියි.උපත් පෙති ගැනීමත් ආඝාතය ඇතිවීමට බලපානවා.කාන්තාවන් පහෙන් එක් අයෙකු ආඝාතයට ගොදුරු වෙනවා යැයි වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.


    ලෝක ආඝාත දිනය වෙනුවෙන් පසුගිය දා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මේ බව අනාවරය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya