මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කි‍්‍රයාදාමයේ ජාත්‍යන්තර සමුළුව නොවැම්බර් 04 හා 05 කොළඹදී

    නොවැම්බර් 01, 2015

    දකුණු ආසියානු රටවල විගමණික ශ‍්‍රමිකයින් විදේශ ගතකරන රටවල් 11ක් එක්ව පවත්වන කොළඹ කි‍්‍රයාදාමය සමුළුව (Colombo Process )නොවැම්බර් 04 හා 05 යන දෙදින කොළඹ, Ozo හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

    මෙවර සමුළුවට ඉන්දියාව, බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය, චීනය, වියට්නාමය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, නේපාලය හා ශ‍්‍රී ලංකාව යන රටවල් සහභාගි වේ.

     

    මෙම රටවල් 11 එක්ව 2003 වර්ෂයේදී ඇති කර ගත් එකමුතුව කොළඹ කි‍්‍රයාදාමය ලෙස හඳුන්වයි. මීට පෙර 2013 හා 2014 යන වර්ෂයන්හීදී මෙම සමුළුව ශ‍්‍රී ලංකවේදී පැවැත්විණි.

     

    මෙවර සමුළුවේ සභාපතීත්වය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසිනි.මෙවර සමුළුව සඳහා ඒ ඒ රටවල අදාළ අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගිවීමට නියමිතයි.

     

    මෙම සමුළුවේ නිරීක්‍ෂණ කටයුතු සඳහා විගමණික ශ‍්‍රමිකයින්ගේ සේවාව ලබාගන්නා රටවල නියෝජිතයින් සහභාගිවීමට නියමිතය. ඒ අනුව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර්, දකුණු කොරියාව, කටාර්, මැලේසියාව, කුවේටය, ඉතාලිය හා බහරේන් රාජ්‍යයේ නියෝජිතයින් සහභාගි වේ.

     

    මෙවර සමුළුවේදී, විදෙස් ගත ශ‍්‍රමිකයින් රැකියා සඳහා යොමුකිරීමේදී අනුගමනය කළයුතු විශේෂ සැලැස්මක් පිළිබඳව අවධානය යොමුකරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya