අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාවට බලපෑම් ආපු කාලය අවසන් -ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

    නොවැම්බර් 01, 2015

    ක්‍රීඩාවට බලපෑම් ආපු කාලය අවසන් බවත් ක්‍රීඩා ඇමතිවරයා ලෙස නිදහසේ නිවැරදි තීන්දු ගෙන කටයුතු කිරීමට අවස්ථාව ලැබිලා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    කිසිම කෙනෙකුගේ මුහුණු දිහා බලා, මම ක්‍රීඩාවේ කටයුතු තීරණය කරන්නේ නෑ. හරි දේ කරන අයත් සමග මම වැඩකරනවා. වැරදි දේ කරන අය සමග නිවැරදිව ක්‍රියා කිරීමට කටයුතු කරනවා. ඔලිම්පික් කමිටුවත් සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵල අනුව ක්‍රීඩා නීතිය සංශෝධනය කිරීමට සිද්ධ වෙනවා. ඒ අනුව ලබන මැයි මාසය වනවිට ක්‍රීඩා සංගම්වල නිලවරණය තියන්න කටයුතු කරනවා.
    දැන් ක්‍රීඩාවට බලපෑම් ආපු කාලය ඉවරයි.

     

    ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරගන්න අපි අවුරුදු 40 පමණ බලාගෙන සිටිනවා. තාම අපිට ඒ අවස්ථාව උදාවෙලා නෑ. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරගන්න.

     

    ක්‍රීඩා නිලධාරීන් සෑම කෙනෙකුටම සමානාත්මතාවයෙන් සැලකිය යුතුයි.නමුත් සමහර අය කරන වැරදි වලින් ක්‍රීඩා අමාත්‍යංශයත් ක්‍රීඩාවත් සම්පූර්ණයෙන් විනාශයට පත්වෙනවා. මම ගාල කඩාගෙන යන්නේ නැතිව හෙමින් ගමනක් යන්නේ යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

     

    නාවික හමුදා මුලස්ථානයේ සෝමරත්න දිසානායක ශ්‍රවණාගාරයේ පැවති රාජ්‍යසේවා නෙට් බෝල් සංගමයේ සම්මාන ප්‍රධානොත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya