අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මාතරින්

    ඔක්තෝබර් 31, 2015
    ශ්‍රී ලංකා ‍යොවුන් පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 08 දෙනෙකු තෝරා පත්කර ගැනිම සඳහා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07 කින් නාම යෝජනා 36 ක් ඉදිරිපත්ව ඇති බව ජාතික තරුණ සේවා සභාවේ මාතර තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
    අදාල නාම යෝජනා භාර ගැනිම පසුගිය 28 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී සිදු කෙරෙණි. ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු නාම යෝජනා කමිටුවක් මගින් එය සිදු කළ අතර සාමාකාමි ලෙස නාම යෝජනා භාර ගැනිම අවසන් කෙරෙණි.තෙවන වරට පැවත්වෙන මෙවර යොවුන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම නොවැම්බර් මස  07 වන දින පැවත්වෙයි. මෙවර යෞවන සමාජ ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු තෝරා පත් කර ගැනිමට නියමිතය.
     
    ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරංදික වැලිඅංගේ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මාතර සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්.ඒ ජයසේකර මහතාගේ අධික්ෂණය යටතේ යොවුන් පාර්ලිමේන්තු වැඩ සටහනේ මාතර සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ මාතර තොරතුරු මධ්‍යස්ථානභාර නිලධාරි ටී.කේ.මහින්ද මහතා විසිනි.
     
    මාතර දිස්ත්‍රික්කයේ යෞවන සමාජ සාමාජිකත්වය හිමි වයස අවුරුදු 13 ට වැඩි අවුරුදු 29 නොඅඩු අයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව සැලසෙන අතර ඡන්දය ප්‍රකාශ කිරිම ද සිදු වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළයි. 
     
    යොවුන් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත වන අතර ඡන්දයෙන් 160 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර ප්‍රසාද මන්ත්‍රීධුර 9 ක්,විශ්ව විද්‍යාල,නීතිපීඨ,තරුණ නියෝජනයක් ඇති වෙනත් ස්වේච්ඡා සංවිධාන,අමාත්‍යතුමන් හා සභාපති තුමන් පත්කරන ලද නියෝජිතයන් දස දෙනා ඇතුළු 56 දෙනෙකු යොවුන් පාර්ලිමේන්තුව සඳහා තෝරා පත් කර ගැනිමට නියමිතයි.මෙම විශේෂිත ක්ෂේත්‍ර වලින් තෝරාපත් කර ගනු ලබන නියෝජිතයන් සම්මුඛ පරික්ෂණයක් මගින් තෝරා පත් කර ගැනිමට කටයුතු යොදා ඇත. 
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya