අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රහකයක් අද පෘථිවිය සමීපයෙන් ගමන් කරයි - ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

    ඔක්තෝබර් 31, 2015

    ග්‍රහකයක් අද (31) පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර ඇත. මෙම ග්‍රහකය මීටර 400 ක් පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක් ඈතින් ගමන් කරනු ඇත. පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක් පෘථිවියේ සිට ඈතින්  තත්පරයට කිලෝමීටර 35 ක පමණ වේගයෙන් ගමන් කරයි.  මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැත.

    මෙම ග්‍රහකය 2015TB145 ලෙස අංකනය කර තිබේ. අද රාත්‍රියෙහි දඩයක්කාරයා තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක් හෝ ඊට වැඩි විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස් කරයි.

     

    නැවත මෙවැනි ග්‍රහකයක් 2027දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.

     

    මීට අමතරව  නොවැම්බර් 13 වෙනිදා තවත් අභ්‍යවකාශ වස්තුවක් ශ්‍රී ලංකාවෙහි දකුණු වෙරළෙහි සිට කිලෝමීටර 65 ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයා ගෙන ඇත. මෙම ආකාශ වස්තුව මීටර 2ක් පමණ දිග වන අතර සඳට යවන ලද යානයක කොටසක් විය හැකි බව විශ්වාස කරයි.  එබැවින් එම දින වල දකුණු  මුහුදු වෙරළ ප්‍රදේශයට යාම අවධානම් සහිතය.

     

    SDF

    astroo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya