අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොටම් ට්‍රෝලිං ධීවර කටයුතු සම්බන්ධයෙන් ඉඩදිය නොහැකියි.- ධීවර අමාත්‍ය මහින්ද අමරවීර

    ඔක්තෝබර් 30, 2015
     
    ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරදෙන ලෙස ඉල්ලමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්  Arindam Bagchi  මහතා ඇතුලු නියෝජිත කණ්ඩායමක් පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවිය. 
    මෙය මානුෂික ප්‍රශ්ණයක් ලෙස සලකා එම ධීවරයින් ඉතා ඉක්මනින් නිදහස් කරන බවට අමාත්‍යවරයා එකග වූ නමුත් ඉන්දියානු ධීවරයින් විසින් ඉල්ලා සිටින පරිදි, ඔවුන්ට ට්‍රෝලර් ධීවර කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් හමුවේ පැවසීය.
     
    එළඹෙන දීපවාලි උත්සවයට පෙර දැනට ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ධීවරයින් පිරිස නිදහස් කරදෙන ලෙස ඉල්ලා සිටි අතර, අත්අඩංගුවට ගත් බෝට්ටු පිළිබ‍ද ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව ඔවුන්ගේ විරෝධයක් නොමැති බව එම නියෝජිත කණ්ඩායම අමාත්‍යවරයා වෙත කියා සිටියහ. ඉන්දියානු ධීවරයින් විසින්, ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුලු වී සිදුකරන බොටම් ට්‍රෝලිං ධීවර කටයුතු සම්බන්ධයෙන් උතුරුකරයේ ධීවරයින් ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කොට 5000 ක් පමණ පිරිසක් විසින් අත්සන් කරන ලද පෙත්සම් තමාට බාරදුන් බවත්, මෙය ඔවුන්ගේ ජීවනෝපායට මහත් දුෂ්කරතාවයක් බව අමාත්‍යවරයා එම දූත පිරිස හමුවේ පැවසීය.
     
    ඉන්දීය ධීවරයින් සිදුකරන ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත් නෙළා ගැනීම නිසා උතුරුකරයේ ධීවර ජනයාගේ ජීවනෝපාය මාර්ගයට බාධා පැමිණීමට අමතරව, එවැන්නක් කිරීම පිළිබඳව දැනට ජගත් ධීවර ප්‍රජාව තරයේ විරුද්ධවන නීති විරෝධී, වාර්තා නොකරන හා අවිධිමත් ධීවර කටයුතු සඳහා දිරිගැන්වීමක් වන බව මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
     
    මේ පිළිබඳව තවදුරටත් ධීවර ප්‍රජා මට්ටමින් හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කළ යුතු බවට දෙපාර්ශවයම එකඟ විය.
    මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්.අදිකාරී මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතාද සහභාගී විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya