අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්බදු සීමාව 90% දක්වා ඉහළ නැංවීම අද සිට

    ඔක්තෝබර් 29, 2015

    වාහන මිල දී ගැනීමේ දී 90%ක් දක්වා කල් බදු පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අද සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.


    ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඊට අදාළ නිල දැනුම් දීම රජයේ සහ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කිරීමට නියමිත ය.

    100%ක් කල්බදු පහසුකම් ලබා දීම 2015 සැප්තැම්බර් මස 15 දා සිට අත්හිටුවනු ලැබීය.

    එදින නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව වාහනයක් මිල දී ගැනීම සඳහා එතෙක් තිබූ 100% කල්බදු පහසුකම් ලබා ගැනීමේ හැකියාව 70% දක්වා පහළ දමනු ලැබිණි.

    එහෙත් එමගින් මෙරට වෙළෙඳපොළට ඇති විය හැකි අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමට මුදල් අමාත්යන රවී කරුණානායක මැතිතුමා පසුගිය දා තීරණය කළේ ය.

    ඒ අනුව මීට අදාළ නිල දැනුම්දීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, සියලු වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya