මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී අධ්‍යාපනයේ පරිවර්තන රැසක් සිදු කරනවා- අධ්‍යාපන ඇමැති

    ඔක්තෝබර් 29, 2015

    ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන පද්ධතීවල වෙනස්කම් ද හඳුනා ගනිමින් අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට බලය පවරා ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය පරිවර්තනයන් රැසක් කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (28) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති කොළඹ නාලන්දා විද්‍යාලයීය වාර්ෂිත ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    කිසිම හේතුවක් මත දේශපාලනය අධ්‍යාපනයට යොදාගැනීමට බලාපොරොත්තු නොවන බවත් ඉදිරි වසර ගණනාවක් වෙනුවෙන් අධ්‍යාපනය තුළ හඳුනාගත් වෙනස්කම් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    ඒ මහතා පෙන්වා දුන්නේ අධ්‍යාපනය යාවත්කාලීන නොවීම හේතුවෙන් අපේ රටේ අධ්‍යාපනය, රැකියා වෙළඳපොළ සහ දැනුම වෙන් වෙන්ව පවතින බවයි.

    මෙවර නාලන්දා විද්‍යාලීය 2014 විශිෂ්ටතම නාලන්දා පුත‍්‍ර සම්මානය ගොඩ බද්දගේ රඛිත දිල්ශාන් මාලේවන විසින් ලබා ගත් අතර නාලන්දා විද්‍යාලීය (කනිෂ්ඨ ) 2014 විශිෂ්ටතම නාලන්දා පුත‍්‍ර සම්මානය ලබා ගත්තේ අනුක් ඉන්දීප විතානගේ ශිෂ්‍යයා ය.

    නාලන්දා විද්‍යාලය විසින් වාර්ෂිකව ලබාදෙනු ලබන කීර්ති ශ‍්‍රී සම්මානය, විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත පිරිනැමිණි.

    මෙම අවස්ථාවට නාලන්දා විද්‍යාලයීය විදුහල්පති, ගුරුභවතුන්, සුබපතන්නන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya