අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව මැතිවරණ සීමා නිර්ණයන් සඳහා කමිටුවක්

    ඔක්තෝබර් 29, 2015
    ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට තීරණය කර තිබෙන අතර එහි සීමා නිර්ණයන් ගැසට් කිරීමෙන් අනතුරුව දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුක් පත් කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන 
    නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
     
     
    එම කමිටුව ලබන 01 වැනිදා කටයුතු ආරම්භ කරන බවත් එදින සිට මාස 3ක් ඇතුළත එම කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලබා දිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    අනතුරුව අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙක් කටයුතු කරන බව ප්‍රකාශ කළ කරුණාරත්න පරණවිතාන මහතා මේ වන විට ප්‍රධාන විවේචන දෙකක් හඳුනාගෙන ඇති බව ද සඳහන් කළේය.
     
    එනම් සීමා මායිම් වෙනස්කම් හා කාන්තා නියෝජනය 0%ක් වීම සම්බන්ධයෙනි. මෙහිදී සීමා මායිම් සම්බන්ධයෙන් වෙනස්කම් පිළිබඳ කමිටුවට කටයුතු කිරීමට හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    කමිටු වාර්තාව ලැබී දින 75ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අනුව ලබන වසරේ මුල් මාස කිහිපය ඇතුළත පළාත් පාලන මැතිවරණ පැවැත්මට අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya