අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති රීති පිළිනොපදින බෝට්ටුවල බලපත්‍ර අහෝසි කෙරේ.

    ඔක්තෝබර් 29, 2015
     
    නීති රීති පිළිපදින්නේ නැති බෝට්ටුවල බලපත්‍ර අහෝසි කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    අමාත්‍යවරයා ඒ බව පැවසුවේ පසුගිය 23 වැනිදා ධීවර අමාත්‍යාංශයේදී පැවති ජාතික ධීවර මහා සම්මේලනයේ මහා සභා රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.
     
    නීති විරෝධී දැල් ආම්පන්න භාවිතයෙන් මාලු ඇල්ලීම හා කෙලවල්ලන්, බලයන් වැනි මත්ස්‍ය වර්ගවල කුඩා පැටවුන් ඇල්ලීම නිසා ඉදිරියේදී මත්ස්‍ය ගහණය හිගවිය හැකිය. ධීවර ප්‍රජාවන් වෙත නීතිරීති හඳුන්වා දී ඇතත්, එම නීති රීති පිළිනොපදින බොහෝ පිරිස් තවමත් සිටිති. එහෙයින් මෙලෙස නීති රීති නොපිළිපදින බෝට්ටුවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇත.
     
    නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් රටට මෙන්ම ජනතාවට සිදුවන හානිය පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ ප්‍රමාදයක් තිබෙන බැවින්, ඒ පිළිබඳව වහාම දැනුවත් කිරීම් ආරම්භ කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබාදි ඇත. සති 2ක් තුළ එම දැනුවත් කිරීම් සිදුකරන ලෙසත්, ඉන්පසුව විකල්ප ක්‍රම හඳුන්වාදීමත් අනතුරුව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසද දන්වා ඇත.
     
    ඉන්දීය ධීවරයින්ගේ ගැටලුව පිළිබඳවද කරුණු ඉදිරිපත් කළ ධීවර සම්මේලනයේ නියෝජිතයන් හමුවේ අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්දීය මහකොමසාරිස් ඇතුලු නියෝජිත පිරිස තමන් හමුවූ බවත්, දැනට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙසත් ඉල්ලීමක් කළ බවයි. ඉන්දීය බෝට්ටු හිමිකරුවන් වන්නේ තමිල්නාඩුවේ දේශපාලඥයින් වන අතර, අත්අඩංගුවට ගැනීම් වැඩිකරන ලෙස අදාළ නිළධාරින්ට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා පැවසීය.
     
    2016 වර්ෂයේ උතුරු පළාතට නව වරායවල් කිහිපයක් පිහිටුවීමට කටයුතු කරන බවත්, පේදුරුතුඩුව, ගුරුනගර්, සිලාවතුර, පේසාලෙයි වැනි ස්ථානවල එම ධීවර වරායන් ඉදිකිරීම සඳහා දැනට සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් ක‍ළේය.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඩම්.එම්.එම්.අදිකාරී, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.සී.එල්.ප්‍රනාන්දු ඇතුලු දිවයිනේ ධීවර නියෝජිතයින් පිරිසක් සහභාගී විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya