මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ගැටළු විසදීමට සර්ව පාක්ෂික කමිටුවක්

    ඔක්තෝබර් 28, 2015
     
    ධීවර කර්මාන්තය රැකගැනීම හා  ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා කටයුතු කිරීම සියලු දෙනා සතු ජාතික වගකීමක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    ජාතික ධීවර මහා සම්මේලනයේ විශේෂ මහා සභා රැස්වීමට එක්වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව සඳහන් කළේය.
    තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,මෙම ගැටළුව විසඳීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් කැඳවීමට තමන් මේ වන විටත් යෝජනා කර ඇති බවද පැවසීය.
     
    උතුරු හා නැගෙනහිර පළාත් ද ඇතුළුව ධීවර සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද ධීවර අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වල නිලධාරින් ද මෙම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වී සිටියහ. අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ ධීවර ප්‍රජාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටළුවලට සියලු දෙනා මැදිහත් වී විසඳුම් ලබා දිය යුතු බවය.
     
    රේල්පීලි වැනි යකඩ පීලි පතුලේ සවි කළ විශාල ප්‍රමාණයේ යකඩ බෝට්ටු වලින් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් මුහුදු සම්පතට  සිදු වන හානිය පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයි අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය. 
     
    මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ධීවර  ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් පසුගිය කාලයේ විශේෂ පියවරවල් රැසක් ගැනීමට තමන්ට හැකි වූ බවය. ධීවර බෝට්ටු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ පද්ධති සවි කිරීම ආරම්භ කර මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෙම නිරීක්ෂණ පද්ධති මඟින් අදාළ ධීවර බෝට්ටු පිළිබඳ සියලු දත්ත රැස් කිරීමට හැකියාව ලබා ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මහින්ද අමරවීර මහතාගේ සහය ද ලබා ගනිමින් ධීවර කර්මාන්තයේ උන්නතිය උදෙසා සියලු දෙනා සහභාගී කරගනිමින්  විශාල වැඩ කොටසක් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya