මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් ඖෂධ විකුණන ඖෂධ මධ්‍යස්ථාන පිළිබඳ දැනුම්දෙන්න - පොලිසිය

    ඔක්තෝබර් 28, 2015
    පාසල් මෙන් ම උපකාරක පන්ති අවට මත්වන ඖෂධ විකුණන ස්ථානයන් පිළිබඳ විමසිලිමත් වන ලෙසත් එවැනි ස්ථාන සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයන් දැනුවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    පාසල් සහ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථාන අවට ළමුන් හට නොයෙක් ආකාරයේ මත්වන ඖෂධ වර්ග විකිණීමේ සිද්ධීන් වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. ඒ අනුව වරින් වර එවැනි ස්ථාන සම්බන්ධයෙන් ලැබෙන තොරතුරුවලට අනුව වැටලීම් ද සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    අවසන්වරට මෙවැනි ස්ථානයක් වැටලීම් වාර්තාවන්නේ පසුගිය 21දාය. ඒ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට මාධ්‍ය ආයතනයක් මගින් ලබාදුන් තොරතුරු අනුවය. 
     
    ඒ අනුව මොරටුව පොලිස් වසමේ රාවතාවත්ත ප්‍ර දේශයේ ප්‍රසිද්ධ පාසලක් අසල තිබූ ඖෂධ හලක් වැටලීම සිදු කොට ඇත. එහිදී හෙරෝයින් පානයට ඇබ්බැහිවූ පුද්ගලයන් මත්කුඩු වෙනුවට විකල්ප ලෙස භාවිත කරන එමෙන් ම පාසල් සිසුන් මත්කරවීම සඳහා විකුණනු ලබන ඖෂධ කරල් 8000ක ප්‍රමාණයක් වෛද්‍ය නිර්දේශවලින් තොරව විකිණීම හා විකිණීමට ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ඖෂධහල් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya