මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහ‍ලේ නැණ අභිමානී -සහතික පත්‍ර හා සම්මාන ප්‍රදානෝත්සවය

    ඔක්තෝබර් 28, 2015
     
    ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහ‍ලේ නැණ අභිමානී -සහතික පත්‍ර හා සම්මාන ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය  ගයන්ත‍ කරුණාතිලක‍ මහතාගේ ප්‍රධානත්වයෙන් හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල ‍රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, මම පළාත් සභාවට ගි‍‍යේ 1999. ඒ අවුරුද්‍‍දෙ ම‍ගෙත් එක්ක පළාත් සභාවට ගි‍යේ සාගල රත්නායක ඇමතිතුමා. අපි ‍දෙන්න පළාත් සභාවට ගි‍යෙත් එකට. ඊට පස්සෙ අපි ‍දෙන්න 2001 දී පාර්ලි‍මේන්තුවට ගියා. ඊට පස්සෙ වත්මන් ආණ්ඩු‍වෙ කැබිනට් ඇමතිධූර ‍දෙකක් අරන් ඇවිත් අද අපි ‍දෙන්න එකට ‍මේ 
    පළාතට ‍සේවය කරනවා. එතුමා අද ආණ්ඩු‍වෙ ඉන්න බුද්ධිමත් උගත් විද්වත් ඇමතිවරුන් සුලු පිරිස අතර ඉන්න ප්‍රධාන 
    ඇමතිවර‍යෙක්. මම පාර්ලි‍මේන්තු ඇමති ‍වෙලා ‍මෙවර පත්වුනාට පස්සෙ ‍මෙම දිස්ත්‍රික්කයට පිට දිස්ත්‍රික්කයක ඇමතිවර‍යෙක් ආපු පළමු අවස්ථාව ‍මේක. මට ‍මේ උත්සවය ‍වෙනු‍වෙන් ආරාධනාව ලැබුනට පස්සෙ මම කල්පනා කරල එයට සුදුසුම ‍කෙනා ‍මෙතුමා කියල තීරණය ක‍ලේ එතුමා ව‍ගේ බුද්ධිම‍තෙක් අතින් ‍මේ දරුවන්ට ත්‍යාග හා සහතික ලබාගැනීමට ලැබීම වාසනාවක් කියල මම විශ්වාස කරන නිසායැයි පැවසීය.
     
    මෙහිදී අදහස් දැක්වු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මම විශ්වාස කරන ‍දෙයක් තමයි ඉවසීම ගැන ඉ‍ගෙනගන්න ‍හොදම තැන අ‍පේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි ඔ‍බේ නායක අ‍පේ පක්ෂ‍යේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිතුමයි කියල. ඉවසීම කියන ගුණය ප්‍රගුණ කරන්න ඉ‍ගෙනගන්න ‍හොදම උදාහරණය ඔවුන් ‍දෙ‍දෙනා කියල මම හිතනවා.
     
    ‍මේ ර‍ටේ දරුවන්‍‍ගේ අධ්‍යාපනය ‍වෙනු‍වන් පාසල් වලින් ඉහල කාර්යයක් සිදු‍වෙනවා.නමුත් තියන ප්‍රධානතම ප්‍රශ්ණය තමයි පාසල තුලින් ලැ‍බෙන අධ්‍යාපනය මගින් දරුවන්ට හිමිවන ‍පොතප‍තේ දැනුමට අමතරව ප්‍රමාණවත් ප්‍රා‍යෝගික පුහුණුවක් ලැ‍බෙනවද කියන කාරණය.
     
    මොකද අද ඇත්තම කතාව තමයි අධ්‍යාපනය ලබන්නෙ ‍හොඳ රැකියාවක් කරල ‍හොඳ ආදායමක් ලබන්න කියනඑක.ඒකට සරිලන පුහුණුව පාසල තුලින් ලැබී‍මේදී අඩුවක් ති‍බෙනවා. ආර්ථිකය ‍ගොඩනැගීමට අවශ්‍ය කරන පුහුණුව ලබාදී‍මේදී පාසලින් ලැ‍බෙන ප්‍රා‍යෝගික පුහුණුව ආර්ථිකය අ‍පේක්ෂා කරන මට්ටමට වඩා අඩු මට්ටමකයි අද පවතින්‍‍‍නෙ. අන්න ඒ හිඩැස පුරවමින් ආර්ථිකය ‍ගොඩනැගීමට ඉවහල්වන දරු පරපුරක් සමාජගත කිරීමටයි අ‍පේ රජ‍යේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිවල අරමුණ. ඒ නිසයි අපි අ‍පේ ප්‍රතිපත්ති ප්‍රකාශ‍යට ඇතුලත් ක‍ලේ  13 වැනි ‍ශ්‍රේණිය දක්වා පාසල් යාම අනිවාර්ය බව යැයි ද පැවසීය. 
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya