මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින්ට තනතුරු ලබාගැනීම සඳහා වරාය ක්‍රීඩා ඒකකය යොදා ගැනීමේ සංස්කෘතිය අවසන්... වරාය ඇමති අර්ජුන පවසයි.

    ඔක්තෝබර් 26, 2015
     
    පුද්ගලයින්ට තනතුරු ලබා ගැනීම සඳහා වරාය ක්‍රීඩා ඒකකය යොදා ගැනීමේ සංස්කෘතිය අවසන් කරන බව, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.
    එතුමා මේ බව පැවසුවේ ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ පැවති  "ගමට ක්‍රීඩා " පුහුණු කඳවුරේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහභාගි වෙමිනි. සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා ක්‍රීඩා සංවිධානය සහ ජාතික නිදහස් ක්‍රීඩා පදනම එම ක්‍රීඩා කඳවුර සංවිධානය කර තිබිණ. 
    එහිදී අදහස් දැක්වු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වරායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ගෞරවයක් ලබා දීමට හිටපු පාලනාධිකාරිය අසමත් වූ බවයි.“ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිටිනවා. නමුත් පසුගිය කාලේ ඔවුන්ට නිසි සැලකීමක් තිබුණේ නැහැ. නමුත් අද ඒ ක්‍රමය අපි වෙනස් කරලා තියෙනවා. වරාය අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායමට අද අපි අවශ්‍ය දේ ලබා දෙන්න උත්සාහ කරනවා. ජාතික කණ්ඩායම් නියෝජනය කරන මේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් ගමේ සිටින දරුවන්ට ලබා දෙන්නත් අපි උත්සාහ කරනවා.....” යනුවෙන්ද එතුමා වැඩිදුටත් පැවසීය.
     
    ගමට ක්‍රීඩා වැඩසටහන ආරම්භයේදී කඳවුරට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පෞර්ෂ සංවර්ධන දේශනයක් පැවැත්වුණ අතර ඉන් පසුව ක්‍රිකට්, බැඩ්මින්ටන්, පාපන්දු, වොලිබෝල්, බාස්කට්බෝල්, නෙට්බෝල්, මල්ලවපොර සහ මළල ක්‍රීඩා පුහුණුව සිදු විය.ක්‍රිකට් පුහුණු කඳවුර මෙහෙය වූයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. පන්දුවට පහර දීමේදී සහ පන්දු යැවීමේ මූලික සිද්ධාන්ත මෙන්ම විශේෂඥ දැනුමද එතුමා ක්‍රීඩකයින්ට ලබා දුන්නේය. කඳවුරට එක් වූ පුහුණුකරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් අමතමින් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දැන් දැඩි ලෙස කඩා වැටී ඇති බවයි.
     
    “ක්‍රීඩාවට උප්පත්තියෙන් දක්ෂතා දක්වන දරුවෝ මේ රටේ ඉන්නවා. ගමේ රෙද්ද හැට්ට අදින සරම බැනියම අදින අම්මා තාත්තගේ පුතාට මේ රටේ ඕනෑම ක්‍රීඩාවකින් ඉහළට යාමේ මාර්ගයක් දැන් අපි හදාගෙන යනවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා කොළඹ හතේ ඉන්න ක්‍රීඩකයින්ට වඩා ගමේ ඉන්න ක්‍රීඩකයින්ගේ හයිය ශක්තිය සහ මානසිකත්වය ගොඩාක් වැඩියි. 1996දී අපි හැදුවේ දක්ෂතම කණ්ඩායම නෙමෙයි. ඊට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඇති. නමුත් අපි කණ්ඩායම තෝරන විට බැලුවේ රට ගැන රට මූලිකත්වය ගෙන ක්‍රියා කරන මුදල සහ තනතුරු දෙවැනුව සිතන ක්‍රීඩකයින්. නමුත් අද අවාසනාවකට එය වෙනස් වෙලා. අද මූලිකත්වය ගන්නේ මුදල්. අම්ම, තාත්තා, පුතලා, දූලා දාලා සල්ලි උපයන්න පුළුවන් නම්, මේ දරුවන්ට සුදුසු නැති කෑමක් බීමක් හරි පෙන්නලා සල්ලි හම්බ කරන්න පුළුවන්නම් එයත් කරන ක්‍රීඩකයින් අපේ රටේ දැන් සිටිනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. මම ඒකට දොස් කියන්නේ නෑ. ඒකට වගකියන්න ඕන ඒජන්තවරුන්. අද ඇතැම් ක්‍රීඩකයෝ තමන්ගේ අම්මා තාත්තා ගැන කථා කරන්නේ නෑ. ඒජන්තවරුන් ගැන කථා කරන්නේ.......” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවැසීය.
    2 Attachments

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya