මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර වරායන් සුදානම් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනේ

    ඔක්තෝබර් 26, 2015
     
    සියලුම ධීවර වරායන් සුදානම් කිරීමේ කටයුතු ලබන මාසය වන විට අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
    ධීවර වරාය නීතිගත සංස්ථාවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
     
    යුරෝපා සංගමය විසින් පනවා ඇති යුරෝපා රට වලට මාළු අපනයනය කිරීමේ තහනම ඉවත් කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා එම සංගමයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවට පැමිණෙන එම යුරෝපා නියෝජිත කණ්ඩායම ධීවර වරායන් ආශ්‍රිතව සංචාරය කර ධීවර වරායන්හි කටයුතු පිළිබඳ 
    අධ්‍යයනයක නිරත වීමට නියමිතව ඇත.
     
    එබැවින් යුරෝපා නියෝජිතයින්ගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ යුතුව ඇති බැවින් එම කටයුතු නිසි පරිදි සිදුකළ යුතු බව දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
     
    මෙම නිරීක්ෂණ චාරිකාවේ දී එහි පාලනාධිකාරිය සමඟ මෙන්ම සේවක සංගම් නියෝජිතයින් සමඟ පවතින ගැටළු පිළිබඳ අමාත්‍යවරයා සාකච්ඡා කළහ.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya