මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැරදුණු දේ පිළිබඳ අවබෝධයෙන් අනාගතයට යා යුතුයි - අමාත්‍ය මනෝ ගනේෂන්

    ඔක්තෝබර් 26, 2015
    අතීතයේ දී වැරදුණු දේ පිළිබඳ ව අවබෝධයෙන් යුතුව අනාගතයට ගමන් කළ යුතු බවත් එවන් අවස්ථාවලදී පෙර වැරදි යළි සිදුවීමට ඇති ඉඩ අවස්ථාව අවම වන බවත් ජාතික සංවාදන පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) දෙවන භාෂා පුහුණුව ලැබූවන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පැවැති  උත්සවයකට සහභාගි වෙමිනි.
     
    දෙවන භාෂාව ප්‍රචලිත කිරීම සඳහා යාන්ත්‍රණයක් ඇති නමුත් ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් නොවූ බවත් වත්මන් ආණ්ඩුවට අවශ්‍යතාවයක් මෙන් ම දේශපාලන වුවමනාවක් ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා එය අකුරට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වත්මන් රජයේ ප්‍රතිපත්තීන්ට අනුව ක්‍රියාකරන ලෙස තමන් තම අමාත්‍යංශය යටතේ ඇති සෙසු ආයතන දැනුවත් කොට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    භාෂාව හේතුකොට ගෙන අතීතයේ දී අමිහිරි සිදුවීම් සිදු වූ බව මෙහිදී සිහිපත් කොට සිටි ගනේෂන් මහතා රට පුරාම ජනතාවට තම මව් භාෂාවෙන් ප්‍රතිචාර ලබාගත හැකි අයුරින් කාර්යාල ක්‍රමය වෙනස් කළ යුතු බවත් සිහිපත් කළේය.
     
    "මේ ක්‍රමය ඉතිහාසයේදී වැරුදුණ නමුත් වත්මන් රජය රට නැවත ආපස්සට හැරවීමට කිසිවිටෙකත් ඉඩ තබන්නේ නැහැ. භාෂා දැනුම ලබාදීමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. එමෙන් එම දැනුම නොමිලේ ලබා දිය යුතු වනවා. මේ අමාත්‍යංශයෙන් කළයුත්තේ ජනතාවගේ ඔළුවත්, හදවතත් හැඳීමයි. ජනතාවගේ ඔළුව, හදවත හැදී නොමැතිනම් අනෙකුත් සියලු ගොඩනැගීම් බිඳ වැටෙනවා. ඉතිහාසයේ පළමු වතාවට මෙම අමාත්‍යංශය වර්තමානයේ දී භාෂා දෙකම කතාකළ හැකි අමාත්‍යවරයෙකු අතට පත්වී තිබෙනවා" යැයි ද අමාත්‍යවරයා කීය.
     
    ඉදිරියේ දී රට යළිත් දෙකඩ නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ තම අමාත්‍යංශය හරහා බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya