මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව ඇමැතිවරයාගේ නිරීක්ෂණයට

    ඔක්තෝබර් 23, 2015

    මගී ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිතකොට ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය කඩිනම් ඉදිරි ක‍්‍රියා මාර්ග ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක, විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට නුදුරු ප‍්‍රදේශය අවට කඳු අශ‍්‍රිත ප‍්‍රදේශයේ පස් කදු සෝදා යාමේ අවධානම හේතුවෙන් පසුගිය දා එම අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දැමුණි.

    මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි තත්ත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගිය දා නිරත විය.

    එහි දී අවධානමට ලක් ව ඇති ප‍්‍රදේශය විෂයභාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර ජනතාවගේ ආරක්ෂාව සහතික කර දෛනික ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය භාර නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya