මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අමාත්‍යවරුන්ගේ භාර නොදුන් වාහන අත්අඩංගුවට

    ඔක්තෝබර් 22, 2015
    පසුගිය රජය සමයේ හිටපු අමාත්‍යවරුන් භාරයේ පැවැති වාහනවලින් විශාල ප්‍රමාණයක් මේ වන විටත් එම වාහන අයත් අමාත්‍යංශ වෙත භාර දී නොමැති බැවින් එසේ භාරනොදුන් වාහන අත්අඩංගුවට ගැනීමට පොලිසියට දැනුම්දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. මෙම තීරණයන් ඊයේ (21) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයන් වේ.
     
    මීට අමතර ව ජනාධිපති කාර්යාලය සතුව තිබූ වාහන 126ක් මේ වන විට වෙනත් අමාත්‍යංශයන් වෙත භාරදීමට කටයුතු කොට ඇති බවත් ඒ හරහා මිලියන 100ක ඉන්ධන වියදමක් අඩුවී ඇතැයි ද ඒ මහතා පැවසීය.
     
    පසුගිය රජය සමයේ කොළඹ, කුලියාපිටිය, කුරුණෑගල, කෑගල්ල වැනි ප්‍රදේශයන් හි අනවශ්‍ය බලපෑම් හරහා ඉඩම් පවරාගැනීම් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් කැඳවීමටත් එහිදී තීරණය වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් මෙවර පාර්ලිමේන්තුව වෙත තේරී පත් වූ වෙනත් පක්ෂයන් හි මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මෙහෙයවන තත්ත්වයක් මේ වන විට උදාවී ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇතිකර නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya