අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ සැකකරුවන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනමින්

    ඔක්තෝබර් 22, 2015
    ගැටුම් පැවති කාල සීමාව තුළ හා ඉන් පසුව ත්‍රස්වාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධානාගාර ගත කළ තැනැත්තන් පිළිබඳ ව වූ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට රජය තීරණය කොට ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මේ වන විට අධිකරණය මඟින් වරදකරුවන් කරනු ලැබ බන්ධනාගාරගත කර ඇති තැනැත්තන්, දැනටමත් චෝදනාපත්‍ර භාර දී ඇති හා අර්ධ වශයෙන් පරීක්‍ෂණ පවත්වා ඇති හෝ පරීක්ෂණ තවමත් අවසන් නොවූ පුද්ගලයන් සහ චෝදනා පත්‍රයක් භාර දී නොමැති එහෙත් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ඒ අනුව කඩිනම් කෙරෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
     
    යුද ගැටුම් අවසානයේ දී රජයට භාර වූ හා අත් අඩංගුවට ගන්නා ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරින් ත්‍ර‍ස්තවාදී චෝදනා සහිත තැනැත්තන් ඉතා සුළු පිරිසක් හැර අනෙක් සියලු ම දෙනා මේ වන විට පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු ලැබ ඇත. 
     
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya