අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර ධීවර කර්මාන්තයට විරුද්ධව අත්සන් 5000 කින් යුත් පෙත්සමක්

    ඔක්තෝබර් 22, 2015
     
    කල්පිටිය, මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල මුහුදු සීමාවන් තුළ ඉන්දීය ධීවරයින් අනවසර ධීවර කර්මාන්තයේ නියැළෙන අතර, ඊට විරුද්ධව ධීවර සංගම්වලින් ලබාගත් අත්සන් 5000 කින් යුත් පෙත්සමක් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
    ඉන්දීය ධීවරයින් විසින් දිගින් දිගටම සිදුකරන මෙම අනවසර ධීවර කර්මාන්තය පිළිබඳව සාකච්ඡා කිරීම සදහා ස්වේච්ඡා සංවිධානයක් වන අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහනෙහි සාමාජිකයින් වන ත්‍යාගරාජා වර්දන්, උදාර හේමචන්ද්‍ර හා උපුල් වික්‍රමසිංහ යන මහත්වරු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවු අවස්ථාවේ මෙම පෙත්සම භාරදීම සිදු කෙරුණු අතර 1972 දරණ විදේශීය ධීවර පනත යටතේ එම ට්‍රෝලර් යාත්‍රා ඇතුළු ආම්පන්න අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.
     
    මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම දිගටම සිදුකරන අතරතුර, නීති රීති දැඩි කිරීම පිළිබඳව ධීවර ක්ෂේත්‍ර‍යේ අදාළ සියලු  ආයතන සමග මෙම මස ඇතුළත සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පැවසීය. 
     
    උතුරු පළාතේ ආර්ථික නිෂ්පාදනයට දායකවන දෙවන ප්‍රධානතම ස්ථානය හිමිවන්නේ උතුරු පළාතේ ධීවර ජනතාවටයි. එම පළාතේ ධීවර කර්මාන්තයෙන් පවුල් 30,000 ක් පමණ යැපෙන අතර, ඉන්දීය ධීවරයින්ගේ අනවසර ධීවර කර්මාන්තය හා බොටම් ට්‍රෝලිං ක්‍රමය නිසා ඔවුන්ට හිමි මත්ස්‍ය සම්පත අහිමි වීමෙන් එම ධීවර ජනතාවගේ ආර්ථික තත්ත්වය පහත වැටී ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්.අදිකාරී මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වන ජනරාල් එම්.සී.එල්.ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya