එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ඉහළ නැංවීම හා පුහුණු කටයුතු පිළිබඳ අවධානය යොමු කරමින් කපිතාන් මලික් මහතා සහ නාවික හමුදාධිපතිතුමන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු පර්වේස් අස්ලම් මහතාද එක්විය.
සිව් දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි “අබු බකර්” නෞකාව හෙට දිනයේ (23) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.