අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගයේ දෙපස මැංගුස් වගා කිරිමට පියවර ගැනේ

    ඔක්තෝබර් 22, 2015
     
    අධිවේගී මාර්ගයේ කළුතර කොටසේ,අලුත්ගම වැලිපැන්නේ සිට පානදුර ගැලනිගම ප්‍රදේශය දක්වා දෙපස මැංගුස් වගා කිරීමට පියවර ගැනේ.
    මැංගුස් යනු කළුතර අනන්‍යතාවය සංකේතවත් කරන පලතුර වන හෙයින් එය ව්‍යාප්ත කිරීමට කටයුතු කල යුතුබව දිස්ත්‍රික් ලේකම් යු.ඩී.ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි.
     
    ඊට අදාල මැංගුස් පැල බෙදා දීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා කනන්විල පලතුරු බෝග සංවර්ධන මධ්‍යස්ථානයට උපදෙස් දී ඇත. වර්ෂා කාලයට මාර්ග දෙපස සේදී යාම වැළැක්වීමට මෙන්ම පරිසර අලංකාරයටද මෙම මැංගුස් වගාව බෙහෙවින් උපකාරී වේ.
     
    සාමාන්‍යයෙන් මැංගුස් පැල 2500 -3000 ත් අතර ප්‍රමාණයක් ආයතනය නිෂ්පාදනය කරන බවත් ඊට අතිරේකව මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පැල ලබා දීමේ හැකියාවක් පවතින බවත් කනන්විල පළතුරු බෝග සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ ශ්‍යාමා පුෂ්පකුමාරි මහත්මිය පැවසුවාය. 
     
    AP/DMU-Kalutara
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya