මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාව යලි නඟා සිටුවනවා.... -ධීවර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සේවකයන්ට සහතිකයක්-

    ඔක්තෝබර් 20, 2015
     
    විනාශ වීමේ අවදානමකට මුහුණ දී සිටින ලංකා ධීවර සංස්ථාව රැක ගැනීමට වහා මැදිහත්වන ලෙසත් තම රැකියා බරපතල 
    ගැටළුවකට මුහුණ පා ඇති බැවින් ඊට විසඳුමක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් එම සංස්ථාවේ සේවක සංගම් හා 
    සේවකයෝ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලා ඇත.
    සිය අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පළමු 
    නිරීක්ෂණ චාරිකාව ලෙස ලංකා ධීවර සංස්ථාවේ මෝදර පිහිටි ප්‍රධාන කාර්යාලයට පසුගියදා පැමිණි අවස්ථාවේදී සේවක 
    සංගම් නියෝජිතයින් මෙන්ම සේවකයින් සංස්ථාව පත්ව ඇති මුල්‍ය අර්බුදය හා සිදුව ඇති හා සිදුවන අක්‍රමිකතාවයන් 
    පිළිබඳව සවිස්තරව කරුණු ඉදිරිපත් කළහ.
     
    සේවක සංගම් නියෝජිතයින්ගේ හා සේවකයින්ගේ මෙන්ම පාලන අධිකාරියේ අදහස් වලට සවන්දුන් දිලිප් වෙදආරච්චි 
    මහතා ධීවර සංස්ථාව මෙවැනි ආගාධයකට පත් වීමට හේතු මනාව පැහැදිලි වූ බව සඳහන් කළේය.
     
    සංස්ථාව තුළ සිදුව ඇති සියළු ආකාරයේ අක්‍රමිකතා හා ඒවාට වගකිව යුත්තන් සංස්ථාව රැක ගැනීම හා ඉදිරියේදී ගතයුතු 
    ක්‍රියාමාර්ග මෙන්ම සේවක සංගම් හා සේවකයින්ගේ චෝදනා මෙන්ම පාලන අධිකාරියේ අදහස් ද ඇතුළත් සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යතුමා මෙහිදී සේවකයින්ට සහතික විය. 
     
    සංස්ථාවේ සියළු කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත් ආයතනයේ සුරක්ෂිතතාව  තහවුරු කිරීම සඳහාත් අමාත්‍යංශයේ විශේෂ 
    විමර්ශන ඒකකයත් ස්ථාපිත කර අවශ්‍ය පියවර ගන්නා බව සේවක ඉල්ලීම් වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය
     
    අනතුරුව සංස්ථාවේ සියළු අංශ වෙත යමින් ඒවායෙහි සිදුවන කාර්යයන්  හා පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට පියවර ගත්තේය. 
    මෙම අවස්ථාවට ලංකා ධීවර සංස්ථාවේ නිලධාරීන් මෙන්ම සේවක සංගම් නියෝජිතයින් ද එක්ව සිටියහ.
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya