අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු හා උතුරු පළාත් වලට කොරියාවෙන් නවීන පුහුණු මධ්‍යස්ථාන දෙකක්

    ඔක්තෝබර් 20, 2015
     
    ධීවර කර්මාන්තයේ සියළු ක්ෂේත්‍රයන් පිළිබඳ  විධිමත් පුහුණුවක් ලබා දිය හැකි නවීන පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලබා දීමට 
    කොරියානු රජය එකඟ වී ඇත.
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමඟ කොරියානු විශේෂ නියෝජිත කණ්ඩායමක්  
    පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙසේ එකඟත්වය පල කර ඇත. 
     
    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා ,එම පුහුණු මධ්‍යස්ථාන දෙකෙන් එක් පුහුණු මධ්‍යස්ථානයක් උතුරු 
    පළාතට ද අනෙක් පුහුණු මධ්‍යස්ථානය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ලබා දීමට  ඔවුන් කැමැත්තෙන් 
    පසුවන බව පැවසීය.
     
    කොරියානු ධීවර කර්මාන්තයේ උපයෝගී කර ගන්නා නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත මෙම පුහුණු 
    මධ්‍යස්ථාන සියළු පහසුකම් වලින් සමන්විත ය. එවැනි පුහුණු මධ්‍යස්ථානයකට සම කළ හැකි වෙනත්  පුහුණු 
    මධ්‍යස්ථානයක් මෙරට නොමැති බව කොරියානු නියෝජිතයෝ පෙන්වා දුන්හ.
     
    මෙම කොරියානු විශේෂ නියෝජිත කණ්ඩායම අදාළ පුහුණු මධ්‍යස්ථාන දෙක පරිත්‍යාග කිරීම පිළිබඳව මෙන්ම ශ්‍රී 
    ලංකාවේ ධීවර කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය පිළිබඳව පුළුල් ව අදහස් හුවමාරු කරගත්තේය. ධීවර ක්ෂේත්‍රය පිළිබඳව 
    විශේෂඥ දැනුමක් සහිත මෙම කොරියානු විශේෂ නියෝජිත කණ්ඩායමෙන් ධීවර අමාත්‍යවරයා ඉල්ලීමක්  කළේ 
    හම්බන්තොට හා කිරින්ද ධීවර වරායන් තුළට වැලි ගලා ඒම පාලනය සඳහා තිරසාර සැලසුමක් සකස් කර දෙන ලෙසය.
     
    යෝජිත පුහුණු මධ්‍යස්ථාන ලැබීමත් සමඟ උතුරේ මෙන්ම දකුණේ තරුණයන්ට ද ධීවර කර්මාන්තය පිළිබඳ ලෝකය පිළිගත් පුහුණුවක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සවිස්තර වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවත් කියා සිටි අමාත්‍යවරයා අදාළ පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව අවසන් කරන තරුණයින්ට විදේශ රටවල රැකියා සඳහා යොමු වීමට අවස්ථා උදා කර දීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර පියවර ගන්නා බව පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya