අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් දිවි පැවතුම් පිටු දැක වත්මන් පරපුර රැක ගැනීමට දැවැන්ත පා ගමනක්

    ඔක්තෝබර් 20, 2015
    අයහපත් දිවි පැවතුම් පිටු දැක වත්මන් පරපුර රැක ගැනීමට 24දා පෙරවරු 7.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ අසලින් දැවැන්ත පා ගමනක් පැවැත්වීමට නියමිතය. 
     
    මේ සඳහා කොළඹ කලාපයේ පාසල් 150ක් නියෝජනය කරමින් දරු දැරියන් 15,000ක් පමණ සහභාගිවීමට නියමිත අතර මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    මේ හරහා පිරිසිදු ජලය පානය කිරීම, පෝෂ්‍යදායි ආහාර භාවිතය, අහිතකර ආහාර පිටුදැකීම, දුම්වැටි සහ මත්පැන් පිටු දැකීම වැනි කරුණු පිළිබඳ ව දැනුවත් කිරීමට නියමිතය.
     
    මෙම වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යංශය, යුනිසෙෆ් ආයතනය, යුනෙස්කෝ ආයතනය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතනවල සහයෝගයෙන් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබයි.
     
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya