අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරග කරන සිසුන්ට ගුවන් ටිකට් ප්‍රදානය කෙරේ

    ඔක්තෝබර් 20, 2015

    12 වැනි වරටත් පැවැත්වෙන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ලංකාවෙන් පිටත් වීමට නියමිත ශිෂ්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

    මෙවර ඔලිම්පියාඩ් ගණිත හා විද්‍යා තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ පැතුම්තානීහි දී වන අතර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ගණිත අංශයෙන් සහ විද්‍යා අංශයෙන් සිසු දරුවන් 22 දෙනෙක් මෙම සංචාරයට එක්වීමට නියමිත ය.

    ගම් මට්ටමින් කලාප මට්ටමින් දිස්ත‍්‍රික් මට්ටමින් ජාතික මට්ටමට පැමිණ, ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගන්නටත්, ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ විශිෂ්ට හැකියාවන් පෙන්වන්නට අපේ දරුවන්ට අවස්ථාව සැලසීමටත් ඔලිම්පියාඩ් තරගාවලිය මගින් අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

    අරමුණු කරා ළඟාවීමේ දී අධිෂ්ඨාන ශක්තිය ඉතා වැදගත් බවත් යම් කිසි ක්ෂේත‍්‍රයකින් ප‍්‍රවීණත්වයට පත්වීමට නම් ඒ පිළිබඳ කැපවීම, දිගින් දිගට ම එම විෂය හැදෑරීම, අලුත් ක‍්‍රමවේද භාවිත කිරීම, මෙන් ම අන්තර්ජාලය හරහා දැනුම ගවේෂණයට යොමු විය යුතු බවත්, ඒ සඳහා දෙමව්පියන්ගේ නිවැරදි මගපෙන්වීම, ගුරුවරුන්ගේ කැපවීම දරුවන්ට විශාල පිටුබලයක් වන බවත් අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    අවබෝධයෙන් හා වගකීමකින් යුතුව ක්ෂේත‍්‍රය තුළ සිදුකළ යුතු වෙනස්කම් හඳුනාගනිමින් අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ක‍්‍රියාත්මක කර අධ්‍යාපන පද්ධතිය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේය.

    විශේෂයෙන් ම ළඟම පාසල හොඳ ම පාසල කිරීමේ සංකල්පය යටතේ කොළඹ ප‍්‍රධාන පාසල්වල පවත්නා සියලු පහසුකම් ගම් මට්ටමට ලබාදෙන්නට පියවර ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යරයා විශේෂයෙන් ම පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා අවශ්‍ය දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ලබාදෙන බව පැවසීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya