මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.එස්. 131 වැනි ජන්ම දින සැමරුම අද

    ඔක්තෝබර් 20, 2015

    මෙරට ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ 131 වන ජන්ම සංවත්සරය අදට (20) යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් ඩී.එස්. සේනානායක ගුණ අනුස්මරණ සංගමය අද (20) කොළඹ-07 බෞද්ධාලෝක මාවතේ අංක 417 පිහිටි කල්‍යාණී ධර්ම ආශ්‍රමයේදී බෝධි පූජා පිංකමක් පවත්වයි.

     

    ක්‍රි.ව. 1884 ඔක්‌තෝබර් මස 20 වැනි දින මීරිගමට නුදුරු බෝතලේදී මුදළිඳු දොන් ස්‌පේටර් සේනානායක සහ කැතරින් එලිසබෙත් ගුණසේකර මැතිනියගේ තුන් වැනි පුත්‍රයා ලෙස දොන් ස්‌ටීවන් සේනානායක උපත ලැබීය.

     

    එක්‌සත් ජාතික පක්‍ෂයේ නිර්මාතෘවරයා වන්නේ ඩී. එස්‌. සේනානායක මැතිතුමා ය. සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්‌ලිම් ලීගය, යෝනක සංගමය, බර්ගර් ලීගය, මැලේ සංගමය ආදි සංවිධාන සියල්ල ඒකරාශී කරමින් 1946 සැප්තැම්බර් මස 06 වැනි දින එතුමා විසින් "එක්‌සත් ජාතික පක්‍ෂය" බිහි කරන ලදී.

     

    වර්ෂ 1947 දී ඩී. එස්‌. සේනානායක මැතිතුමා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

     

    ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේ එතුමන්ගේ මැදිහත්කමින් නිදහස්‌ අධ්‍යාපනය ඇති කිරීම, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මූලිකත්වයෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දීම ආරම්භ කිරීම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, ලක්‍ෂපාන කාසල්රි පළමු ජල විදුලි බලාගාරය ඇති කිරීම, කොළඹ වරාය ඉදිකිරීම, රත්මලාන ගුවන් තොටුපළ ඉදි කිරීම, ලංකාවේ ප්‍රථම තට්‌ටු නිවාස සංකීර්ණය බම්බලපිටියේ ඉදි කිරීම, පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම, කොළඹ ක්‍රමය ඇති කිරීම, මහියංගනය, පොලොන්නරුව. සෝමාවතිය. තිරියාය සහ තිස්‌සමහාරාමය වැනි පූජනීය ස්‌ථාන ප්‍රතිසංස්‌කරණය කිරීම, එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයට ඇතුලු වීම, සේනානායක සමුද්‍රය ඇති කිරීම ඇතුළු ජනතාවට නොමැකෙන අමරණීය සේවාවන් රැසක් ඉටුකළේය.

     

    තමන් ඉපදුණු රටට සුවිශාල සේවයක්‌ කළ ඩී. එස්‌. සේනානායක ශ්‍රීමතාණන් වර්ෂ 1952 මාර්තු මස 21 වැනි දින ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටීමෙන් අනතුරුව මාර්තු මස 22 වැනි දින අභාවප්‍රාප්ත විය. වර්ෂ 1952 මාර්තු මස 29 වැනි දින මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා, නිදහස්‌ චතුරශ්‍රය අබියසට පැමිණි දස ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ ඉදිරියේ දැයෙන් සමුගන්නා ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya