අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංඛ්‍යාන දිනය අද සැමරේ

    ඔක්තෝබර් 20, 2015

    ලෝක සංඛ්‍යාන දිනය ඔක්තෝබර් 20 වන අද දිනට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2010 වර්ෂයේ දී ලෝක සංඛ්‍යාන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

    ලෝක සංඛ්‍යාන දිනයේ මෙවර තේමාව වන්නේ''නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්'' යන්නයි.

    ලෝක සංඛ්‍යාන දිනය සෑම වසර පහකට වරක් ඔක්තෝබර් මස 20 වන දින සැමරීමට තීරණය කර තිබේ.

    ලෝක සංඛ්යාන දිනය නිලවශයෙන් සැමරීමේ මූලික අරමුන වන්නේ, රජයේ නිල සංඛ්‍යාති සකස් කිරීමේ කාර්යභාරය පිළිබඳව සහ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී සහ සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේ දී නිල සංඛ්‍යාතිවල ඇති ප්‍රයෝජනවත්බව පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමයි.

    ලෝක සංඛ්‍යාන දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ විවිධ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබේ.


    ඒ අනුව ලෝක සංඛ්‍යාන දිනය සැමරීමේ ජාතික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 20 දින හිල්ටන් කලම්බු රෙසිඩන්සස් හෝටලයේ දී පැවැත්වෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙහි එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ජනමාධ්‍යවේදීන් සඳහා පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya