අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයින්ගේ සාම්ප්‍රදායික දැනුම අවතක්සේරු කළ නොහැකියි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර

    ඔක්තෝබර් 19, 2015
     
    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පෙළඹී තිබෙන නමුත් ධීවර කර්මාන්තයේ තිබෙන සාම්ප්‍රදායික 
    දැනුම, සාම්ප්‍රදායික ක්‍රම කිසිවිටෙකත් අවතක්සේරුවට ලක්කළ නොහැකි බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය 
    මහින්ද අමරවීර මහතා පවසයි.
    පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී පැවති ආචාර්ය ඒ.ඒ. කුලතුංග මහතා විසින් රචිත “අපේ ධීවර කර්මාන්තයේ සාම්ප්‍රදායික 
    දැනුම” නම් ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගැඹුරු මුහුදට ගියාම මාලු සිටින තැන් මෙන්ම තරක් තිරක් නොපෙනෙන 
    ගොඩබිම සොයා ගන්නෙ කොහොමද කියලා අපේ පාරම්පාරික ධීවරයන්ට ඉතා හොඳ දැනීමක් තියෙනවා. අපි කොපමණ 
    අමාරුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ධීවර කර්මාන්තයේ යෙදුනත්, ඒ සියල්ල අභිබවා යන තරමට මේ 
     සාම්ප්‍රදායික දැනුම ඉහළ බව සඳහන් කළ යුතු වෙනවා.
     
    අතීතයේ ධීවරයින් දැනට අපේ රටේ තහනම් කර තිබෙන පන්න ක්‍රමවලින් මාලු අල්ලන්න පෙළඹුනේ නෑ. ඔවුන් 
    අනාගතයට මත්ස්‍ය සම්පත ඉතුරු වෙන ආකාරයට තමයි තමන්ගේ රැකියාවෙ යෙදුනෙ. නමුත් දැන් අලුතින් ඇතිවී තිබෙන 
    පන්න ක්‍රම නිසා මත්ස්‍ය සම්පතට විශාල වශයෙන් අභියෝග එල්ලවෙලා තියෙනවා. කදන් කෝස්, ලයිට් කොස්, 
    ඩයිනමයිට් යෙදීමෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් දැන් වැඩි වෙලා තියෙනවා අපි තීරණය කරල තියෙනවා මේ 
    තහනම් පන්න ක්‍රම සියල්ලම නතර කළ යුතුයි කියල. එම තීන්දු තීරණ ගන්නේ ධීවරයාගේම යහපත සඳහා බවද පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ පවතින කලපු සංවර්ධනය කර ඒවායේ මත්ස්‍යන් ඇති කිරීමේ ක්‍රමවේදයක් ඉදිරි වර්ෂයේදී සැකසීමට පියවර 
    ගන්නා බවද මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටි අතර, ධීවර ක්ෂේත්‍රයේ දැනුම බෙදා හදා ගැනීමට මෙන්ම 
    ධීවර ක්ෂේත්‍රෙය් මග පෙන්වීමට රාජ්‍ය සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ට මෙන්ම විශ්ව විද්‍යාලවල 
    ආචාර්ය මහාචාර්යවරුන්ට විවෘත ආරාධනාවක් කරනවා යැයි ද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya