මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ පත්වේ.

    ඔක්තෝබර් 19, 2015
     
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් සුරේන් රත්වත්තේ මහතා පත් කර ඇත. 
    1984 වර්ෂයේදී  එයාර්ලංකා ගුවන් සමාගමට ගුවන් නියමුවෙකු වශයෙන්  සම්බන්ධ වී ඇති කපිතාන් සුරේන් රත්වත්තේ මහතා මේ වන විට ගුවන් නියමුවෙකු වශයෙන්  ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි අත්දැකීම් සමූදායක් ද  සම්පූර්ණ කර ඇත.
     
    1989 වර්ෂයේදී එමිරේට්ස්  ගුවන් සමාගම සමඟ සම්බන්ධ වන ඒ මහතා එහි ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරා ඇත. එසේම වසර ගණනාවක සිට බෝයිං B- 777 සහ එයාර්බස් 380 ඇතුළු විවිධ වර්ගයේ ගුවන් යානාවල සේවය කරමින් පියාසර පැය  18000 ක අධික  ගුවන් යනා මෙහෙයුම් සිදු කර තිබේ. 
     
    කපිතාන් සුරේන් රත්වත්තේ මහතා  Embry Riddle  ගගන විශ්ව විද්‍යාලයේ  පාශ්චාත් උපාධි සහ ශාස්ත්‍රවේදී උපාධි ලාභියෙකු වේ. තවද රාජකීය ගගන සමාජයේ  සාමාජිකයෙකු වන හෙතෙම විවිධ පොත් ගණනාවක් ලියා ඇති කතුවරයෙක්ද වෙයි. ඒ මහතා ප්‍රසිද්ධ මානව සාධක පර්යේෂකයෙකු සහ  වෘත්තීකයෙකු ලෙස  ක්ෂේත්‍රයට අදාල  ලිපි හා රචනා ගණනාවක් ප්‍රකාශයට පත්කර ඇත. 
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya