මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව වියපත්වීම අප මුහුණදෙන විශාල අභියෝගයක්

    ඔක්තෝබර් 17, 2015

     

    ජනතාව වියපත්වීම අප මුහුණදෙන විශාල අභියෝගයක් බවත් වසර 2041 වනවිට පුද්ගලයන් සිව්දෙනෙකුට එක් අයෙක් වියපත් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉන්දු බණ්ඩාර මහත්මිය පවසයි.


    2012 සංඛ්‍යාලේඛන වාර්තා අනුව පිරිමින්ට වඩා කාන්තාවන් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා.කාන්තාන්ගේ ආයු අපේක්ෂාව වැඩි බවත් පුරුෂ පක්ෂය ඉක්මනින් මිය යන තත්වයක් තිබෙන බවත් පවසන ඉන්දු බණ්ඩාර මහත්මිය, බෝ නොවන රෝගවලට ගොඳුරුවීමේ අවධානමක් තිබෙන බවත් ඒවැනි අයගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ක්‍රමවේදයක් සකස් විය යුතු බව පැවසුවාය.


    මේ වනවිට වැඩිහිටි ජනගහනය දෙගුණවී තිබෙනවා.වයස අවුරුදු 15-59 අතර ප්‍රතිශතය සියයට 59% සිට සියයට 62%ක් දක්වා වැඩි වී තිබෙනවා.

    වැඩකරන ජනතාවගෙන් සමාජයට වැඩක් ගැනීමට සමාජය ක්‍රියාමාර්ග ගත යුතුයි.සැලසුම් සකස් කිරීමේ දී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ද ඉන්දු බන්ඩාර මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya