අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව් කිරි ලබාදෙන ළමයාට යහපත් අනාගතයක් තිබෙනවා

    ඔක්තෝබර් 18, 2015

    මව් කිරි ලබාදෙන ළමයාට යහපත් අනාගතයක් තිබෙන බවත් දරුවාගේ බුද්ධිය වර්ධනයට මව්කිරි අත්‍යාවශ්‍ය බව ද සොයිසා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය පවසයි.

    මවකට මව්කිරි ලබාදීමට මහන්සි වෙන්න වෙනවා.මව්කිරි ලබදීමේ දී වාසි රැසක් අත්වෙනවා.දරුවෙකුගේ ඉන්ද්‍රියක් වර්ධනය වන කාලයක් තිබෙනවා.මොළය ඉතාම ඉක්මනින් වැඩෙනවා.දරුවෙකුගේ අවුරුදු 2ක කාලය තුළ ගණිත හැකියාව, ආදරය, පෙනීම,ඇසීම ආදී සියලු දේ සම්පූර්නවෙනවා.

    පිටිකිරි පානයෙන් දරුවන්ගේ වකුගඩු හානි වීමට ඉඩ තිබෙනවා.පිටිකිරි නිසා බොහො නරක බැක්ටිරියා බඩවැල්තුළ තැම්පත් වෙනවා.දියවැඩියාව අවම කරගත හැක්කේ මව්කිරි ලබාදීමෙන්.ඇදුම රෝගයේ අවධානමෙන් මිදිය හැකියි.

    මව්කිරි ලබාදීමෙන් මව්වරුන්ට පියයුරු පිළිකා සියය 39%කින් ගර්භාෂ පිළිකා සියයට 26%කින් අඩු කරගත හැකියි යැයි ද වෛද්‍ය නිශානි ලූකස් මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya