අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 06ක් අනිවාර්යෙන් ම මව්කිරි ලබාදීම අපේ ප්‍රතිපත්තියයි

    ඔක්තෝබර් 18, 2015

    මාස 06ක් අනිවාර්යෙන් ම මව්කිරි ලබාදීම අපේ ප්‍රතිපත්තිය බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල් මහත්මිය පවසයි.

    ප්‍රජා වෛද්‍ය විශේෂඥ ධම්මිකා රොවෙල් මහත්මිය මේ බව පවසා සිටියේ පසුගිය දා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

    මව් කිරි දීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් පවතිනවා.මාස 06ක් අනිවාර්යෙන් ම මව්කිරි ලබාදීම අපේ ප්‍රතිපත්තියයි.

    මව්කිරි දීම ළමු පැයේම ආරම්භ කිරීම ඉතාම වැදගත්.වසර 2013 පෝෂණ වාර්තා අනුව පළමු පැය ඇතුළත මව්කිරි ලබාදීම සියයට 90%-92% අතර ප්‍රමාණයක්.එය පළමු මාස 2ක තුළ සියයට 98%ක්.පළමු මාස 4තුළ එය සියයට 75%ක් තරම් පහළ අගයක් ගන්නවා.පළමු මාස 6ක් තුළ සියයට 71.3%ක්. එය සියයට 29%ක් අහිමි වීමක්.

    රැකියාවට යන මව්වරුන්ගේ සංඛ්‍යාව ගත් විට මාස 6ක් තුළ මව්කිරි දීම සියයට 56.5%ක අඩුවීමක් තිබෙනවා. රැකියා සඳහා නොයන මව්වරුන්ගේ කිරිදීමේ ප්‍රතිශතය මාස 6ක් තුළ සියයට 76%ක් .ඒ නිසා රැකියා සඳහා යන මව්වරුන්ගේ කිරිදෙන අවස්ථාව අහිමි වී තිබෙනවා.


    දරුවෙක් මව්කිරි බීම ස්වාභාවිකවම ආරම්භ කිරීම වැදගත් ඒ හේතුවෙන් එම දරුවා වැඩිකල් මව්කිරි බොනවා.මව්කිරි දීමේ දී ගැටලු තිබෙනවා නම් මව්කිරි කළමනාකරණ මධ්‍යස්ථාන තුළ පහසුකම් ආරම්භ කර තිබෙනවා යැයි ද වෛද්‍ය ධම්මිකා රොවෙල් මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya