අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රශස්ත ප‍්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහයක් රට තුළ ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි

    ඔක්තෝබර් 17, 2015

    දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් නිර්මාණය වීමට නම් ප‍්‍රශස්ත ප‍්‍රාදේශීය ආණ්ඩුකරණ ව්‍යුහයක් රට තුළ ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් අපේ රටේ ප‍්‍රාදේශීය ආණ්ඩුකරණයේ සාර්ථක මෙන්ම ඉතා අසාර්ථක කතා පුවත් තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.


    එම නිසා දියුණු රටක් හැටියට අපි ඉස්සරහට යනවා නම් ලෝකයේ දියුණු පළාත් පාලන ආයතන අත්පත් කරගෙන තිබෙන ඉහළ කාර්ය සාධන දර්ශකවලට යා යුතුව තිබෙන බව පසුගියදා සබරගමුව පළාත් සභාවේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    නව රජය ක‍්‍රියාත්මක කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ජන වරමක් ලැබුණු ‘‘මෛත‍්‍රී පාලනයක් - ස්ථාවර රටක්’’ සහ පසුව පැවති මහ මැතිවරණයේදී ජන වරමක් ලැබුණු ‘‘හැට මසකින් අලුත් රටක්’’ යන ප‍්‍රතිපත්ති තුළ සිට බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඉදිරි වසරේ සිට අපි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ජාතික ඉදිරි දර්ශනයක් සහ වැඩපිළිවෙළක් සකස් කරන බව පෙන්වා දුන් ඒ මහතා ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය හැරුණ කොට ජාතික අය වැයෙන් අති විශාල මුදලක් වෙන් කරන අමාත්‍යාංශයක් බව ද සඳහන් කළේය.


    දියුණු රටක් හැටියට ඉදිරියට ගමන් කරන විට ලෝකයේ දියුණු පළාත් පාලන ආයතන අත්පත් කරගෙන තිබෙන ඉහළ කාර්ය සාධන දර්ශකවලට අප යා යුතුව බවත් ඉදිරි අවුරුදු පහ ඇතුලත අපේ බලාපොරොත්තුව වන්නේ ලංකාවේ පළාත් පාලන ආයතන පද්ධතිය සමස්තයක් ලෙස ඉහළ තැනට ඔසවා තැබීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ජනතා නියෝජිතයෝ, රාජ්‍ය සේවකයෝ සහ මෙම කාර්යයන් සම්බන්ධ සිවිල් මහ ජනතාව යන අංශ තුනම විධිමත්ව කළමනාකරණය කිරීමේ ආකෘතියක් මේ ආයතන පද්ධතියට හඳුන්වා දෙමින් දැනට ඇති ආයතනික පද්ධතියේ ඇති නීති රීති වැඩි දියුණු කිරීමටත් අපේක්ෂා කරන බවත් දැනටමත් පළාත් පාලන ආයතනවලට අරමුදල් සම්පාදනය කිරීම මධ්‍යම ආණ්ඩුවෙන් සිද්ධ වෙනවා. පළාත් පාලන ආයතනවල තිබෙන අවශ්‍යතා හඳුනා ගනිමින් විදේශ අරමුදල්වලට අමතරව තව ව්‍යාපෘති කිහිපයක් අලුතෙන් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, පළාතේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya