අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපගේ අපේක්ෂාව වන්නේ එකට එක්වී රට ඉදිරියට ගෙනයාමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමයි-අමාත්‍ය දුමින්ද දිසානායක

    ඔක්තෝබර් 18, 2015

     

    අපගේ අපේක්ෂාව වන්නේ එකට එක්වී රට ඉදිරියට ගෙනයාමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම බවත් පසුගිය මැතිවරණයේ දී ඵෙතිහාසික තිරණයකට එළඹීමට අපට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාගේ ආරාධනයෙන් මොරගස්මුල්ල ජනක රණවක ක‍්‍රීඩාංගනයේ නවීන ක‍්‍රීඩාගාරය සහ ඔබේසේකරපුර හැටේ වත්ත තෙමහල් බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථවට සහභාගී වෙමිනි.

    නගර සභාවක් වශයෙන් සංවර්ධන කටයුතු සිදු කරන අතරම ප‍්‍රදේශයේ ජනතාවගේ මනුෂ්‍යත්වය ඉස්මතු කිරීම සඳහා නගරාධිපතිතුමා දක්වන දායකත්වයට අප ස්තූතිවන්ත විය යුතුය.ගහ මරා ගන්නා දේශපාලනය පසෙකින් තබා රට වෙනුවෙන් එකට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට දැන් අවස්ථා උදා වී තිබෙනවා.

    ඉතිහාසයේ සිදු වූ වැරදි අඩුපාඩු නිවැරදි කර ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් අලූත් ගමනකට මුල පුරා ඇති මොහොතක, වඩා වැදගත් වන්නේ එම ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමයි.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපගේ ඉලක්ක කරා යා හැකි බවට අප තුළ දැඩි විශ්වාසයක් පවතින බවද අමාත්‍ය වරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya