අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව විශ්වවිද්‍යාල සංස්කෘතියක් රටට අවශ්‍යයයි- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    ඔක්තෝබර් 14, 2015
    නව රජය අලුත් රටක් බිහි කිරීමට  බලාපොරොත්තු වනවා සේම රටට නව විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතා තිබෙන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන  හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
    රටේ සංවර්ධන ක‍්‍රියාදාමය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපපාල සිරිසේන මැතිතුමා විසින් කැඳවා තිබූ විශේෂ හමුවක් ඊයේ (13) ජනාධිපති මන්දිරයේ දී පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. 
    මේ සම්බන්ධව මම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සමඟ ද සාකච්ඡා කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේ දී විශ්වවිද්‍යාලට සිය  කටයුතු කරන්න නිදහස ලබා දිය යුතු බව ද පෙන්වා දුන්නේය.
    ඒ මහතා ප්‍රකාශ කළේ එහිදී ඔවුන්  පාලකයින්ගේ අතකොළු බවට පත් නොකල යුතු බවයි.
    විශ්වවිද්‍යාලවල පාඨමාලා සකස් කිරීම, කථිකාචාර්යවරුන් බඳවා ගැනීම්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුබසාධන කටයුතු ආදිය විධිමත්ව කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. 
    අපි 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ස්වාධීන කොමිසමක් විදිහට ඇතුළත් කිරීමට නොහැකි වුවත් ඉදිරියේ දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන විට එම කොමිෂන් සභාව ස්වාධීන කරන්න ක‍්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී තරයේ විශ්වාස කරන බව සඳහන් කළේය.
    රටක විශ්වවිද්‍යාල ආර්ථිකයත් සමඟ දියුණු  විය යුතු බවත් මේ රටට ආදරය කරන සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැබෑ තත්ත්වය පැහැදිලි කරන්න මේ දේට මැදිහත් වන ලෙස තමා ඉල්ලා සිටින බව ද පැවසීය.
    එක්සත් ජාතීන්ගේ යෝජනාවේ හැම දෙයක්ම වෙන්නේ රටේ ව්‍යවස්ථාවට අනුව බවත් රට නව මාවතකට යොමු වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya