අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ඇමති වේලායුදම් මහතා අභාවප්‍රාප්ත වේ

    ඔක්තෝබර් 14, 2015

    අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 65 වැනි වියේ පසු වූ හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදම් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.

    ඒ මහතා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙසත්, ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසත් කටයුතු කළේය.

     

    හරින් ප්‍රනාන්දු මහතා ඌව මහඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පිරවීමට වේලායුදම් මහතා පාර්ලිමේන්තුවට පිවිස පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බලයට ආ කෙටිකාලීන එජාප රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

     

    2001 සහ 2004 අතර කාලය තුළ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කළේය.

     

    වේලායුදම් මහතා පසුගිය මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූව ද ඔහුට මන්ත්‍රී අසුනක් ලබා ගැනීමට නොහැකි වූවේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya